ආගම

āgama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැමිණීම; සම්ප්‍රාප්තිය.
2. නා. පුද්ගලයකුගේ ආධ්‍යාත්මික විශ්වාසය; ඇදහීම; ලබ්ධිය.
3. නා. විශේෂයෙන් දෙවියකුගේ නොහොත් දෙවියන්ගේ බලතල සහ පරලෝක ජීවිත කෙරෙහි විශ්වාසය.
4. නා. ආගමික ධර්ම ග්‍රන්ථය.
5. (ව්‍යාක.) නා. පදයකට අමුතුවෙන් අකුරක් පැමිණවීම හෙවත් එකතු කිරීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අකුරු දෙකක් අතරට පැමිණෙන වැඩි අකුර; අදහීම; ඒම; බෞද්ධ ධර්මයේ දීඝ නිකායාදී කොටස් පස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ධර්‍මය, ශාසනය, දේශනාව, පැමිණීම, අවබෝධය, දික්සඟිය ආදී නිකාය පස, බලාපොරොත්තුව, උපදේශය, වර්‍ණයක්හුගේ අමුතුවෙන් පැමිණීම. “ආගමෙ ජුණ්හෙ පවාරෙය්‍යාම” ආගම යනු මෙහි මතු පැමිණෙන යන අර්ථයි. (පි. 119)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrival
2. n. augmentation
3. n. ceremony
4. n. creed
5. n. doctorate
6. n. faith
7. n. religion

Digital Pāḷi Dictionary