සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 208
ආඛ්‍යාත ප්‍රකෘතිය
නා. (ව්‍යාක.) ක්‍රියා පදයක මූල රූපය; ක්රියාධාතුව; දා පියෙවිය.
ආඛ්යාතෘ
නා.ප්‍ර. කියන්නා; ප්‍රකාශ කරන්නා; උපදේශකයා.
ආඛ්‍යානය
1. නා. කීම; කථනය; ප්‍රකාශ කිරීම.
2. නා. කථාන්තරය; කථාව.
3. (නාට්‍ය.) නා. පූර්වයෙහි වූ සිද්ධියක් ප්‍රකාශ කිරීම.
ආඛ්‍යාව
නා. නාමය; සංඥාව; අභිධානය.
ආගණනය
නා. ගණිත ක්‍රම අනු ව සලකා බැලීම; ගණනය කිරීම.
ආගණිතය
(පාරිභා.) නා. තක්සේරුව.
ආගතපටිපාටිය
නා. පැමිණි අනුපිළිවෙළ.
ආගතය
නා. පැමිණීම; සම්ප්‍රාප්ත වීම.
ආගන්තුක
වි. බාහිර; පිටතින් පැමිණි; නිත්‍යවාසී නොවූ.
ආගන්තුක ජලවහනය
(පාරිභා.) නා. ප්‍රදේශයේ භූ නිර්මාණයට සම්බන්ධ නොවූ හෙවත් අනුකූල නොවූ ජලවහනය (=superimposed drainage).
ආගන්තුකයා
නා. නේවාසික නොවූ තැනැත්තා; යම් ස්ථානයකට පිටතින් පැමිණි තැනැත්තා.
ආගම
1. නා. පැමිණීම; සම්ප්‍රාප්තිය.
2. නා. පුද්ගලයකුගේ ආධ්‍යාත්මික විශ්වාසය; ඇදහීම; ලබ්ධිය.
3. නා. විශේෂයෙන් දෙවියකුගේ නොහොත් දෙවියන්ගේ බලතල සහ පරලෝක ජීවිත කෙරෙහි විශ්වාසය.
4. නා. ආගමික ධර්ම ග්‍රන්ථය.
5. (ව්‍යාක.) නා. පදයකට අමුතුවෙන් අකුරක් පැමිණවීම හෙවත් එකතු කිරීම.
ආගම සන්ධිය
නා. (ව්‍යාක.) මුල් පදයක අවසන් වර්ණයත් දෙවැනි පදයක මුල් වර්ණයත් අතරට අමුතුවෙන් වර්ණයක් පැමිණීමෙන් ගැළපෙන සන්ධිය.
ආගමනය
1. නා. පැමිණීම; සම්ප්‍රාප්තිය.
2. නා. බුද්ධ ධර්මයෙහි සඳහන් මාර්ගඵල කරා සම්ප්‍රාප්තිය.
ආගම්ය
වි. ළංවිය හැකි.
ආගමික
වි. යම්කිසි ලබ්ධියකට අයත් හෝ ලබ්ධියකට සම්බන්ධ; ආගම පිළිබඳ.
ආගමික නීතිය
1. නා. පන්සල්, පල්ලි ආදිය පිළිබඳ නීතිය.
2. නා. විහාර දේවාලගම් නීතිය.
ආගරය
නා. ඛනිජ වර්ග පොළෝ අභ්‍යන්තරයෙන් මතුපිටට ගැනෙන තැන; ආකරය.
ආග්නේය
වි. ගින්නෙහි ගුණ ඇති; උෂ්ණය ආත්මය කොට ඇති; ගිනි කඳුවල ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු.
ආග්නේය පාෂාණ
(පාරිභා.) නා.ප්‍ර. ගිනිකඳුවල ක්‍රියාකාරිත්වය නිසා ඇති වන පාෂාණ (=igneous rocks).
ආග්රහ
නා.ප්‍ර. ග්‍රහණය; තදින් සිතට ගැනීම.
ආගාමී
වි. මතු පැමිණෙන; නැවත උපදින.
ආගාර
නා.ප්‍ර. ගෙය; වාසස්ථානය.
ආගාරික
වි. ගෙයකට අයත්; ගිහි වූ; ගෘහස්ථ.