සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 207

ආකාශවස්තු පරීක්ෂණාගාරය

නා. අහසෙහි වූ තාරකා ආදි වස්තු පිළිබඳ පරීක්ෂණ පවත්වන ස්ථානය; නිරීක්ෂණාගාරය.

ආකාශවාණ

නා.ප්‍ර. හෙණ ගුළිය.

ආකාශස්ථ

1. වි. අහසෙහි පිහිටි හෝ සිටින.
2. වි. අහසෙහි ජීවත්වන.

ආකාශාඞ්ගණය

[ආකාශ + අඞ්ගණය]
1. නා. අහස නමැති අංගණය හෙවත් එළිමහන් තැන.
2. නා. ප්‍රාසාදයක වහල මත වූ සඳලුතලය.

ආකැමියා

නා. අය හෙවත් ආදායම් එකතු කරන්නා; ගණන් තබන්නා; අයකැමියා.

ආකිමිඩීස් දඟරය

(පාරිභා.) නා. ජලය ඉහළට නැංවීම සඳහා ආකිමිඩීස් විසින් නිපදවන ලදැයි සැලකෙන සරල යන්ත්‍රයක් (=Archimedean screw).

ආකිමිඩීස් නියමය

(පාරිභා.) නා. ද්‍රවයක මුළුමනින් ම හෝ අඩක් හෝ බහන ලද වස්තුවක දෘශ්‍ය බර හානිය විස්ථාපනය වූ ද්‍රවයේ බරට සමාන බව කියන මතය (=Archimedes principle).

ආකිලිස්සම්

(කථා.) නා.ප්‍ර. කවටකම; සරදම; සමච්චලය.

ආකීය

(පාරිභා.) වි. පැරණි ම යුගයට අයත්; වර්ෂ කෝටි 65 කට පෙර කෙළවර වූ සේ සැලකෙන ප්‍රාක්කේම්බ්‍රිය සමයේ මූල අවස්ථාවට අයත් (=archaean).

ආකීය පාෂාණ

(පාරිභා.) නා.ප්‍ර. පැරණි ම භූ යුගයට අයත් ශෛල හෙවත් පාෂාණ (=archaean rock).

ආකීර්ණ

වි. ගැවසුණු; ගැවසීගත්; සමූහයාගෙන් යුක්ත.

ආකුඤ්ච පීඩනය

(පාරිභා.) නා. හෘදය හැකිළීමෙන් හෙවත් හෘදය සංකෝචනයෙන් රුධිර ධාවනයේ ඇති වන පීඩනය (=systolic pressure).

ආකුඤ්චනය

නා. (අත්පා ආදිය) වක් කිරීම හෙවත් නැමීම; හැකිළීම.

ආකුඤ්චය

(පාරිභා.) නා. හෘදය සහ ධමනි ක්‍රමයෙන් ඇකිළී යෑම; හෘදය සංකෝචනය (=systole).

ආකුඤ්චිත

වි. මඳක් නැමුණු; වකුටු වූ; වක්‍ර වූ.

ආකුල

1. වි. අවුල්; ව්‍යාකූල; වික්ෂිප්ත.
2. වි. ගැවසී ගත්; වැසී ගිය; ආකීර්ණ වූ.

ආකුලය

1. නා. අවුල; පැටලිල්ල; ව්‍යාකූලත්වය.
2. නා.ආරාවුල; කලහය; ඩබරය; අරගලය.

ආකෘතිපත්‍රය

(පාරිභා.) නා. ආකෘතියක් හෙවත් ආදර්ශයක් වශයෙන් ගත යුතු පත්‍රය (=specimen form).

ආකෘතිය

1. නා. හැඩය; රූපය; නිර්මාණය; සැලැස්ම.
2. නා. පිට සටහන.

ආකෘෂ්ට

(පාරිභා.) වි. ආකර්ෂණය කළ; ඇදගන්නා ලද.

ආකෝටනය

1. නා. තැළීම; රෙදි ඇපිල්ලීමේ දී මෙන් ගලක හෝ පුවරුවක ගැසීම.
2. නා. ඇත් අස් ආදින් මෙහෙයවීමේ දී අංකුසයෙන් ඇනීම.

ආකෝටිත

වි. තැළූ; ගැසූ; ඇපිල්ලූ.

ආකෝශ පරිභව

නා.ප්‍ර. බැණීම සහ ගර්හාව; නින්දාව සහ අපහාසය.

ආඛ්‍යාත

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද.
නා.ප්‍ර. (ව්‍යාක.) අවසාන ක්‍රියාපදය.