සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 206
ආකාර ගුප්තිය
නා. හැඟීම් ප්රකට නොවන සේ සඟවා ගැනීම.
ආකාර පරිවර්තනය
(පාරිභා.) නා. ඇතැම් සතුන්ට සිදු වන ආකාරයේ රූප විකාශනය; රූප පරිණාමය; රූපාන්තරණය (=metamorphosis).
ආකාරය
1. නා. වේශය; හැඩය; පෙනුම.
2. නා. ක්රමය; විධිය; පිළිවෙළ; අන්දම.
3. නා. හැසිරීම; හැසිරීමේ ස්වභාවය; ලීලාව.
4. නා. හැඟීම් දැක්වීමේ සංඥාව.
ආකාලික
1. වි. ක්ෂණික; එකෙණෙහි සිදුවන.
2. වි. නිසි කාලයේ සිදු නොවන; නොකල්හි හටගත්.
ආකාශ කම්බිය
(පාරිභා.) නා. ගුවන්විදුලි තරංග පිට කිරීම නොහොත් ඇද ගැනීම සඳහා අහසට දික් කළ කම්බිය; ස්පර්ශකය.
ආකාශ කවුළුව
නා. ගෙයක් තුළට එළිය වැටෙනු පිණිස වහලෙහි සෑදූ කවුළුව; ආකාශ කවාටය.
ආකාශ කුක්ෂිය
නා. අහස් ගැබ; අන්තරීක්ෂය; ආකාශය; අහස්කුස.
ආකාශ ගඞ්ගාව
1. නා. අහස් ගඟ; දිව්ය නදිය.
2. නා. භාරතයේ ගංගා නම් නදිය.
3. නා. අහසෙහි වලාකුළක් මෙන් පෙනෙන මඳ එළිය ඇති තාරකා සමූහය; මන්දාකිනිය.
ආකාශ ගමනය
1. නා. මන්ත්ර, ඖෂධ, සෘද්ධි ආදි බලයෙන් අහසින් යෑම.
2. නා. ගුවන්යානා ගමන.
ආකාශ ගාමියා
නා. අහසින් යන්නා; ගගනගාමියා.
ආකාශ ගෝලය
නා. ආකාශයේ වටකුරු ලක්ෂණය; ගෝලාකාර ව පෙනෙන අහස; ඛගෝලය.
ආකාශ තලය
1. නා. අහස් තලය; අහස.
2. නා. ගොඩනැගිල්ලක වහලකින් ආවරණය නොකරන ලද මුදුන් තට්ටුව; ප්රාසාදවල විවෘත ව ඇති ඉහළ ම තලය.
ආකාශ පථය
නා. ග්රහලෝක මාර්ගය සේ සැලකෙන අහස් ප්රදේශ; අහස් මඟ.
ආකාශ මන්දිරය
නා. මහල් රාශියක් ඇති ඉතා උස් වූ ගොඩනැගිල්ල.
ආකාශ යාත්රා විද්යාව
(පාරිභා.) නා. අහසින් ගමන් කිරීම පිළිබඳ විද්යාව; අහස්නැව් පැදවීම පිළිබඳ ශාස්ත්රය (=aeronautics).
ආකාශ යාත්රාව
නා. අහස් යාත්රාව; ගුවන්යානය.
ආකාශ යානය
නා. ගුවන් යානය.
ආකාශ වස්තු විද්යාව
(පාරිභා.) නා. අහසෙහි පිහිටි චන්ද්ර, සූර්ය, තාරකා ආදිය පිළිබඳ විද්යාව.
ආකාශ වස්තුව
(පාරිභා.) නා. අහසෙහි පිහිටි චන්ද්ර, සූර්ය, තාරකා ආදි වස්තුවක්.
ආකාශ විද්යුතය
(පාරිභා.) නා. වායුගෝලයෙහි ඇති වන විදුලිය; වායුගෝලීය විද්යුතය (=atmospheric electricity).
ආකාශ වියන
නා. අහසෙහි බඳින ආවරණය; උඩුවියන.
ආකාශ විවරය
නා. අහස් කුස; අන්තරීක්ෂය.
ආකාශචාරී
වි. අහස්හි ගමන් ඇති; අහසින් යන්නා වූ.
ආකාශය
නා. නිරවුල් හිස් අහස; අන්තරීක්ෂය; අජටාකාශය; ගගනතලය.