සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 205
ආකර්ණිත
වි. ඇසූ; ශ්රවණය කළ.
ආකර්ෂ දිනය
නා. පෘථිවියට තම අක්ෂය වටා වරක් භ්රමණය වීමට ගත වන පැය 23 යි මිනිත්තු 56 යි තත්පර 04 ක කාලය.
ආකර්ෂ වර්ෂය
නා. සූර්යයා වටේ පෘථිවියේ පරිභ්රමණය පිණිස ගතවන කාලය.
ආකර්ෂක
වි. ඇදගන්නා; ආකර්ෂණය කරන.
ආකර්ෂණ
වි. ඉදිරියට අදින; තමා වෙතට ඇදගන්නා.
ආකර්ෂණය
1. නා. ඇදගැනීම.
2. (පාරිභා.) නා. කිසි ම ද්රව්යමය සම්බන්ධයක් නැති ව වස්තුවක් තවත් වස්තුවක් කරා ඇදී යෑම.
ආකල
නා. පැමිණ ඇති කාලය; වර්තමානය.
ආකලනය
1. නා. ගණන් ගැනීම; ගණන් කිරීම.
2. (පාරිභා.) නා. එකතු කිරීම; ඓක්යය සෙවීම (=summation).
ආකල්ප සම්පත්තිය
නා. යෑම් ඊම් ආදි සියලු ඉරියවු පැවැත්වීමෙහි සොඳුරු බව; මනා ලෙස ඉරියවු පැවැත්වීම.
ආකල්ප සමෘද්ධිය
නා. ආකල්ප සම්පත්තිය.
ආකල්පය
1. නා. යමක් කෙරෙහි සිතෙහි පවත්නා ස්වභාවය; යමක් කෙරෙහි පළවන අදහස; මතය.
2. නා. ආභරණය; සැරසිල්ල.
ආකස්මික
වි. හේතු රහිත; බලාපොරොත්තු නොවූ.
ආකස්මික ලාභය
(පාරිභා.) නා. හදිසි ලාභය; අනපේක්ෂිත ලාභය (=windfall profit).
ආක්ෂාරණය
නා. චෝදනා කිරීම; ආක්රෝශ පරිභව කිරීම.
ආක්ෂිප්ත
1. වි. ඉවත ලූ; ප්රතිෂේධ කළ.
2. වි. ඇතුළත් කළ; ඇඟවූ; හඟවන ලද; සඳහන් කළ.
ආක්ෂේපය
1. නා. වැළැක්වීම; ප්රතිෂේධය.
2. නා. රෝගයක නාමය; වලිප්පුව.
ආක්රන්ද
1. නා.ප්ර. ශෝකයෙන් හැඬීම.
2. නා.ප්ර. ආරක්ෂා කරන මිත්රයා; පසුපස සිටින මිතුරා.
ආක්රමණය
1. නා. යටත් කර ගැනීම පිණිස රටකට කඩා වැදීම; අවනත කර ගැනීමේ අපේක්ෂාවෙන් යම් පාලන අධිකාරියක් වෙත බලය පැතිරවීම.
2. නා. අතික්රමණය කිරීම; ඉක්මවීම; පරයායෑම.
ආක්රමණිකයා
නා. සටන් පිණිස අන් රටකට කඩා වදින්නා; බලහත්කාරයෙන් එන්නා.
ආක්රාන්ත
1. වි. මඬනා ලද; සටන් කරන ලද.
2. (පාරිභා.) වි. අතරට කාවැදුණු (=intrusive).
3. වි. පෑගූ; පා තැබූ.
ආක්රාන්තය
(පාරිභා.) නා. ද්රව අවස්ථාවේ පවතින පාෂාණ පෘථිවි අභ්යන්තරයේ තැන්පත් ව ඇති පාෂාණ තට්ටු ඇතුළට වැදීම (=intrusion).
ආක්රෝශක
වි. පරිභව කරන; නිග්රහ කරන.
ආක්රෝශය
නා. බැණීම; නින්දාව; ගර්හාව.
ආකාඞ්ක්ෂාව
1. නා. කැමැත්ත; දැඩි ආශාව; අභිලාෂය.
2. (තර්ක.) (ව්යාක.) නා. වැකියක පද අතර අර්ථ වශයෙන් ඇති අන්යෝන්ය අපේක්ෂාව.