සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 159
අහෙඨන
න. වෙහෙස නොකිරීම, පීඩා නොකිරීම. (පි. 115)
අහෙතු
ති. හේතු රහිත, කාරණ රහිත - “හෙතු” බලනු. (පි. 115)
අහෙතුකපටිසන්ධි
ඉ. අලෝභාදී හේතුරහිත ප්රතිසන්ධිය, උපේක්ෂා සහගත අකුසල විපාක සන්තීරණ සිතින් අපායෙහි වන ප්රතිසන්ධිය හා උපේක්ෂාසහගත කුසල විපාක අහෙතුක සන්තීරණ සිතින් මනුෂ්යලෝකයෙහි වන ජාත්යන්ධ-ජාතිඛධිරාදීන්ගේ ප්රතිසන්ධිය. “පටිසන්ධි” බලනු. (පි. 115)
අහෙතුකයොනි
න. තිරිසන් යොනිය, අහේතුක පටිසන්ධියකින් ලබන උත්පත්ති භුමිය. (පි. 115)
අහෙතුකවාද
න. සත්වයන්ගේ විසුද්ධියට හේතුවක් නැත යන වාදය. (පි. 115)
අහො
පු. දවස, දිනය “අහොරත්නානුසික්ඛිතා”.
අ. ශෝක, නින්දා, විෂාද, දයා, විස්මය, ප්රශංසා, විතර්ක යනාදියෙහි පවත්නා අව්යය ශබ්දයක්. (පි. 115)
අහොරත්ත
පු. දවාල හා රාත්රිය, රෑ දහවල්. (පි. 115)
අහොවත
අ. අනේ හොඳා, ඉතා යහපති, ඉතා යෙහෙක යනාදී අර්ථයන්හි. (පි. 115)
අහොසි
ක්රි. (√ හූ සත්තායං, වීමෙහි) වීය. වූයේය. “බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසි.” (පි. 115)
අහොසිකම්ම
න. විපාක නොදෙන කර්මය, ඵල රහිත කර්මය, විපාක දීමට කාලවේලා නොලබන කර්මය. (පි. 115)
අළ
(√ භු. උග්ගමෙ, නැගීමෙහි) අළති, නගී. (පි. 115)
අළක්ක
න. හෙළවරා, පු. පිස්සු බල්ලා, (පි. 115)
අළාර
ති. වක්වූ දෙය, ඇදවූ දෙය. (පි. 115)
ආ
පාලිවර්ණමාලාවේ දෙවැනි අකුර, අවර්ණයෙහි දෙවැනි ආ කාරය, උපසර්ග විස්සෙන් එකක්. සමීප, ආරම්භ, ආලිඞ්ගන, ප්රාප්ති, මර්ය්යාදා, ඌධ්වකම්ම, ඉච්ඡා, බන්ධන, අභිවෘද්ධි, ආවාස, ආමන්ත්රණ, ග්රහණ, දුඃඛ, ඊසදර්ථ, නිවෘත්ති, අප්රසාද, ආසිංසන, සමරණ, ප්රතිෂ්ඨා, විෂ්මය, ක්රොධ, සන්තොෂ, පීඩා, පදපූරණ යන මෙහි යෙදේ. (පි. 116)
ආංදොලිකා
ඉ. දෝලාව, කූනම, පල්ලැක්කිය. (පි. 116)
ආකඞ්ඛති
ක්රි. (ආ+කඞ්ඛ √ භු. කඞ්ඛනෙ, කැමැතිවීමෙහි +ති) කැමැතිවෙයි, ආසාකරයි, “සවෙ හොති භූත්තාවසෙසො, සවෙ ආකඞ්ඛති භුඤ්ජති.” (පි. 116)
ආකඞ්ඛථ
ක්රි. (ආ+කඞ්ඛ √ භු. කඞ්ඛනෙ, කැමතිවීමෙහි +ථ) කැමැතිවනු මැනවි, සතුටුවනු මැනවි. (පි. 116)
ආකඞ්ඛන
න. කැමැත්ත, කැමති වීම, ආසාවීම. (පි. 116)
ආකඞ්ඛනපටිබද්ධ
ති. රුචියට ඇතුළත්, ආවර්ජන ඥානය පිළිබඳ. (පි. 116)
ආකඞ්ඛමාන
පු. කැමැතිවන, කැමැතිවනු ලබන, “ආකඞ්ඛමානො සඞ්ඝො තජ්ජනීය කම්මං කරෙය්ය.” (පි. 116)
ආකඞ්ඛා
ඉ. කැමැත්ත, ආසාව, තෘෂ්ණාව, රිස්ස. (පි. 116)
ආකඞ්ඛෙය්ය
ක්රි. (ආ+ √ කඞ්ඛ භු. කඞ්ඛනෙ කැමැතිවීමෙහි +එය්ය) කැමැතිවන්නේය, කැමැතිවන්නේ නම්. “ආකඞ්ඛෙය්ය චෙ භිකඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං.” (පි. 116)
ආකඩ්ඪති
ක්රි. (ආ+කඩ්ඪ √ භු. කඩ්ඪනෙ, කැඩීමෙහි-ඇදීමෙහි +ති) කඩයි, ඉදිරියට අදියි. (පි. 116)
ආකඩ්ඪන
න. (ආ+ √ කඩ්ඪ+යු+අන) ඇදීම, ඉදිරියට ඇදීම, “ආකඩ්ඪන පරිකඩ්ඪන වසෙන.” (පි. 116)