සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 158
අහරිත
ති. නිල්පාට නැති. තණකොල නැති. (පි. 115)
අහහ
න. නිරබ්බුද සියක් ලක්ෂයක්, එනම් නිරය, අවිචියෙහි එක් පසෙක එපමණ කාලයක් දුක් විඳින බැවින් ඊට “අහහ නිරය”යි ව්යාවහෘතයි,
අ. ඛෙදයෙහි, විස්මයෙහි, අනේ, අපොයි යනාදී අර්ථයන්හි. (පි. 115)
අහාපෙති
(ක්‍රි. √ භු. හා+ණෙ+ති) නොපිරි හෙලයි. (පි. 115)
අහාරිය
ති. පැහැර නොගත හැකි, ග්‍රහණය නොකට හැකි. (පි. 115)
අහි
√ ගතියං, යාමහි, අහති, යෙයි.
පු. සර්පයා, නාගයා. (පි. 115)
අහිංකාර
පු. අහඞ්කාරය, මම වෙමියි යන මානය. (පි. 115)
අහිංසක
ති. හිංසා නොකරන. (පි. 115)
අහිංසා
ඉ. අවිහිංසාව, පීඩා නොකිරීම, නොපෙළීම. (පි. 115)
අහිගුණ්ඨික
පු. නයින් නටවන්නා, පාම්බට්ටයා, අහිතුණ්ඩිකයා. (පි. 115)
අහිච්ඡත්ත(ක)
පු. නයිහතු, එනම් නාරජු. (පි. 115)
අහිත
ති. අයහපත්, අමිත්‍ර. (පි. 115)
අහිතුණ්ඩික
පු. අහිතුණ්ඩිකයා, නයින් නටවන්නා. (පි. 115)
අහිපෙත
පු. නාගප්රේතයා, සර්පශරීරයෙන් යුත් ප්‍රේතයා. (පි. 115)
අහිඵෙන
පු. අබින්. (පි. 115)
අහිමෙඛලා
ඉ. අත්පා සතරෙහි නයින් සතර දෙනෙක්ද ග්‍රීවයෙහි එකෙක්ද හිසේ එකෙක් ද ඒකාංශ කොට එකෙක්දැයි මෙසේ ශරීරයෙහි නයින් ඔතාගැනීමෙන් සැරසීම. (පි. 115)
අහිරාජකුල
- සර්පරාජ කුලය. (පි. 115)
අහිරික
න. පවට ලජ්ජිත නොවීම, ති. විළි නැති. (පි. 115)
අහිලතා
ඉ. බුලත් වැල. (පි. 115)
අහිවාතකරොග
පු. එනම් රෝගය, මෙය විෂ වාතයෙන් හටගන්නේයයිද සර්පවිෂ වාතය හා මිශ්‍රවීමෙන් හටගන්නේයයිද සර්පවිෂයාගේ පැතිරීම මෙන් වහා වන පැතිරීම් ඇති දරුණු රෝගයක් යයිද කියති. මෙය වසංගත රෝගයකි. (පි. 115)
අහිවිජ්ජා
ඉ. සර්පවිෂ වෙදකම, විෂවිද්‍යාව. (පි. 115)
අහීන
ති. හීන නොවන, ලාමක නොවන. (පි. 115)
අහීනින්ද්‍රිය
න. හීන නොවූ ඉන්ද්රියය, සම්පූර්ණ ඉන්ද්රියය. ති. එය ඇති. (පි. 115)
අහු
ක්‍රි. (අ+ √ හු+ඊ = උ) වීය. “අනුප්පටිසාරො”. (පි. 115)
අහුදෙව
අ. වුයේමය. “අහුදෙව කුක්කුච්චං”. (පි. 115)