සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 157

අසුරොප

පු. සුරෝපිත නොවූ වචනය, නපුරු කොට කියන ලද වචනය, අසම්පූර්ණ වචනය, ක්‍රෝධය, කුඩුකේඩුකම, නපුරුකම, ව්‍යාපාදය, රළු වචනය. (පි. 114)

අසූයක

ති. ඊර්‍ෂ්‍යා කරන. (පි. 114)

අසෙ(ඛ)ක්ඛ

පු. අශෛක්ෂයා, හික්මී අවසන් කල තැනැත්තා, රහතන්වහන්සේ. (පි. 114)

අසෙ(ඛ)ක්ඛබල

පු. රහතන්වහන්සේගේ බල. (පි. 114)

අසෙ(ඛ)ක්ඛමුනි

පු. රහතන්වහන්සේ. (පි. 114)

අසෙචනක

ති. සේචනය, (= ඉසීම) නොකළ. (පි. 114)

අසෙබියධම්ම

පු. අශෛක්ෂයන් තුළ පිහිටනා ගුණධර්ම දහය, එනම්:- (1) අසෙඛසම්මාදිට්ඨි, (2) අසෙඛසම්මාසඞ්කප්ප, (3) අසෙඛසම්මාවාචා, (4) අසෙඛසම්මාකම්මන්ත, (5) අසෙඛසම්මාආජීව, (6) අසෙඛසම්මාවායාම, (7) අසෙඛසම්මාසති, (8) අසෙඛසම්මාසමාධි, (9) අසෙඛසම්මාඤාණ, (10) අසෙඛසම්මාවිමුත්ති. (පි. 114)

අසෙවනා

ඉ. නොසෙවීම, ආශ්‍රය නොකිරීම. (පි. 114)

අසෙවිතබ්බ

ති. නොසෙවිය යුතු. (පි. 114)

අසෙස

ති. ශේෂනොවූ, ඉතුරුනොවූ, සියලු. (පි. 114)

අසෙසවිරාග

පු. නිරවශේෂ විරාගය. (පි. 114)

අසෙසවිරාගනිරොධ

පු. විරාග සඞ්ඛ්‍යාත මාර්‍ගයෙන් කෙලෙසුන් ඉතිරි නොකොට නැසීම. (පි. 114)

අසෙසිත

ති. සම්පූර්ණ, ඉතිරි නොකළ, ශේෂ නොකළ. (පි. 114)

අසොක

ති. සොක රහිත, සොක නැති, පු. ශොක නොකිරීම. (පි. 114)

අසොකපිණ්ඩි

න. අශොක අතු, අශොක මල්. (පි. 114)

අසොචෙය්‍ය

න. නොපිරිසිදු බව. (පි. 114)

අසොණ්ඩ

ති. සුරාසොඬ නොවූ, මත්පැන් නොබොන. (පි. 114)

අසොතතා

ඉ. ශ්‍රොත නැතිබව, කන් නැතිබව. (පි. 114)

අහ

න. දවස, දිනය.
අ. ඛෙදයෙහි, අහෝ-අනේ. (පි. 114)

අහං

අ. අමහ ශබ්දයාගේ ප්‍රථමා එකවචනය, මම. අහම්පායස්මන්තෙ කිඤ්චි න. චක්ඛාමි. (පි. 114)

අහඞ්කාර

පු. ආත්මාර්ථකාමීබව, උඬගුකම. (පි. 114)

අහත

ති. නොනසන ලද, නොමරණ ලද, නොමැරූ.
න. අලුත් වස්ත්‍රය, තාන්පිළිය. (පි. 114)

අහත්ථපාස

ති. අත්පසෙහි නොවූ. (පි. 114)

අහමහමිකා

ඉ. ඔවුනොවුන්ට කරන අහඞ්කාරය. (පි. 115)