සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 156
අසිප්පජීවී
ති. ශිල්පයකින් ජීවත් නොවන, ආජීවපාරිශුද්ධි ශීලය ඇති. (පි. 113)
අසිසුනා
ඉ. කඩුව හා මස්ලොඹුව. (පි. 113)
අසීති
ඉ. අසූව, 80. (පි. 113)
අසීල
ති. සිල්නැති, දුශ්ශීල, න. ශීලයක් නොවීම. (පි. 113)
අසීලතා
ඉ. සිල්නැතිබව, කම්මැලිබව. (පි. 113)
අසු
ති. “අමු” ශබ්දයාගේ විකෘතියක්, අසවල්, මේ, පු. ප්‍රාණය (අසතීති අසු.)
√ සු. ඛ්යාපනෙ පහළ කිරීමෙහි, අසුනාති, පහළ කරයි.
√ දි. ඛෙපෙ, දැමීමෙහි, අස්සති, දමයි. (පි. 113)
අසුක
ති. “අමු” ශබ්දයාගේ විකෘතියක්, අසවල්. (පි. 113)
අසුචි
ති. අපවිත්‍ර දේ, මල, ගූථය. (පි. 113)
අසුචිසඞ්කස්සරසමාචාර
ති. මෙතෙම දුස්සීලයෙකැයි අන්‍යයන් විසින් සැක කටයුතු හැසිරීම් ඇති. (පි. 114)
අසුඤ්ඤ
ති. ශුන්‍ය නොවන, හිස්නොවන. (පි. 114)
අසුණාති
ක්‍රි. (අස. √ සු. ව්යාපනෙ, ව්‍යාප්තියෙහි +උණා+ති) පතුරුවයි. (පි. 114)
අසුති
ති. ශ්රැති රහිත, ශ්‍රවණය නැති, නොඇසීම. (පි. 114)
අසුද්ධ
ති. අපිරිසිදු, ශුද්ධ නොවන, නිර්මල නොවන. (පි. 114)
අසුද්ධි
ඉ. අශුද්ධිය, පිරිසිදු නොවීම. (පි. 114)
අසුභ
ති. සුභ නොවන, අයහපත්. (පි. 114)
අසුභකථා
ඉ. දසවිධ අසුභයන් පිළිබඳ කථා. (පි. 114)
අසුභසඤ්ඤා
ඉ. උද්ධුමාතකාදී දසවිධ අසුභාරම්මණයන්හි උපදනා ප්‍රථමධ්‍යාන සහගත සංඥාව. (පි. 114)
අසුභසමාපත්ති
ඉ. අශුභ භාවනාවෙන් උපන් සමාපත්තිය. (පි. 114)
අසුර
ති. සුර නොවන දෙවියන්ට විරුද්ධ අය, දෙවාවිය සුරන්ති න. ඊසන්ති න. විරොචන්තීති අසුරා, සුරානං පටිපක්ඛාතිවා අසුරා.
ති. සුරනොවන. පු. අසුරයා. (පි. 114)
අසුරකාය
පු. අසුර යොනිය, එනම් අපාය, අසුර සමූහය. (පි. 114)
අසුරත්ත
න. අසුරභාවය. (පි. 114)
අසුරභවන
න. අසුරයන්ගේ වාසස්ථානය, මහමෙර පත්ලේ අසුර භවනය පිහිටා ඇත, කුලාවක ජාතකය. (පි. 114)
අසුරින්ද
පු. අසුරයන්ගේ අධිපතියා, වෙපචිත්ති අසුරයා. (පි. 114)
අසුරුත්ත
ති. යහපත් නොවූ වචන, විරුද්ධ වචන. (පි. 114)