ආ

ā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යන්න සිංහල හෝඩියේ දෙවන අකුර; ස්වරාක්ෂර අතුරෙන් දෙවැන්න; අ යන්නෙහි දීර්ඝ ස්වරය.
2. නා. ජීවත් වන කාලය; ආයුෂය.
3. නා. ආදායම; අයබදු ආදියෙන් ලැබෙන මුදල; බද්ද.
නි. පුදුමය, කම්පාව ආදි හැඟීම් ප්‍රකාශ කිරීමේ ද අවධානය යොමු කරවීමේ ද යෙදෙන නිපාතය.
වි. ආවා වූ; පැමිණි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. දක්වා (යන අර්ථ ඇති උපසර්ගයක්); දෙසට (යන අර්ථ ඇති උපසර්ගයක්).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පාලිවර්‍ණමාලාවේ දෙවැනි අකුර, අවර්‍ණයෙහි දෙවැනි ආ කාරය, උපසර්‍ග විස්සෙන් එකක්. සමීප, ආරම්භ, ආලිඞ්ගන, ප්‍රාප්ති, මර්‍ය්‍යාදා, ඌධ්වකම්ම, ඉච්ඡා, බන්ධන, අභිවෘද්ධි, ආවාස, ආමන්ත්‍රණ, ග්‍රහණ, දුඃඛ, ඊසදර්ථ, නිවෘත්ති, අප්‍රසාද, ආසිංසන, සමරණ, ප්‍රතිෂ්ඨා, විෂ්මය, ක්‍රොධ, සන්තොෂ, පීඩා, පදපූරණ යන මෙහි යෙදේ. (පි. 116)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. age
2. v. come
3. int. heigh
4. prefix. into
5. life-span

Digital Pāḷi Dictionary