අ

a

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. සිංහල හෝඩියේ මුල් අකුර සහ එහි මුල් ස්වරය.
2. (ව්‍යාක.) විරුද්ධ ප්‍රතිෂේධ ආදි අර්ථවල යෙදෙන අව්‍යයක්; නිද. අකුසල්; අහිංසක.
3. විෂ්ණු දෙවි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

වර්‍ණ මාලාවේ ආදි අකුරයි. අටවැදෑරුම් ස්වර අතුරෙන් ප්‍රථම ස්වරයයි. කණ්ඨජයි. එකස්ථානජයි, විවෘත සංවෘත කියා දෙ ආකාරයි. ප්‍රකෘති - ආදෙස - ආගම - විකරණ - ප්‍රත්‍යය - ශබ්දාන්ත කියා ආකාරය ස වැදෑරුම්ය. ප්‍රතිෂෙධ, වෘද්ධි, තද්භාව, සමාන, විරුද්ධ, නින්දා, ශූන්‍ය, වියොග, අල්ප, තදභාවාදියෙහි පවත්නා අව්‍යය. න නිපාතයට වන ආදෙශය. (පි. 18)

Digital Pāḷi Dictionary