සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 311

ඌනදසවග්ග

ති. දස නමකින් අඩු, දශ වර්ගයකට අඩු, උපසම්පදාවක් නොකළ යුතු සංඝ සංඛ්‍යාව. (පි. 209)

ඌනද්වාදස වස්ස

පු. දොළොස් වසින් අඩු, අවුරුදු දොළහට අඩු. (පි. 209)

ඌනපඤ්චබන්ධන

න. බන්ධන පසකින් අඩු, බැඳුම් පසක් සම්පූර්‍ණ නොවූ, අලුත් පාත්‍රයක් පාවිච්චියට ගත හැක්කේ බැඳුම් පසකට වඩා ඇති පරණ පාත්‍රයක් ඇත්තාටය. (පි. 209)

ඌනබන්ධනවස්සිකා

ඉ. එනම් සිකපද දෙක, ඌන පඤ්ච බන්ධන ශික්ෂාපදය හා වස්සික සාටික ශික්ෂාපදය. (පි. 209)

ඌනමාසක

න. මස්සකින් අඩු, මෙපමණ වටිනා දෙයක් සොර සිතින් ගත් භික්ෂුහට දුකුලා ඇවැත්වේ. (පි. 209)

ඌනවීසති වස්ස

පු. විසි අවුරුදු වයසට අඩු අවුරුදු විස්සක් නොවූ, නොපිරිපුන් විසි අවුරුදු ඇති. (පි. 209)

ඌනවීසතිගණ

පු. එක නමකුදු අඩුවූ විංශති වර්‍ග සංඝයා, එබඳු සංඝයාට අබ්හාන කර්මය කිරීමට නොහැක. විසිනමක්වත් සම්පූර්‍ණව සිටිය යුතුය. (පි. 209)

ඌනසංවාසනාසනා

එනම් සිකපද තුණ. ඌන වීසති වස්ස, උක්ඛිත්තක සංවාස, නාසිතක සාමණෙර සම්භොග. යන තුණයි. (පි. 209)

ඌනස්සපාරිපූරියා

ඉ. ඌන චීවරයාගේ සම්පූර්‍ණ බව පිණිස. (පි. 209)

ඌනුදර

ති. බඩගිනිවූ, අඩුවූ කුස ඇති. (පි. 209)

ඌමි

ඉ. රැල, දියරැල, වේගය, ප්‍රකාශය. (පි. 209)

ඌමික

ති. දිය රැල. (පි. 209)

ඌමිභය

න. මහත් රැල වේගය නිසා උපදනා බය. (පි. 209)

ඌය

√ භු. තන්තුසන්තානෙ, විවීමෙහි, ඌයති, වියයි. (පි. 209)

ඌයි

√ භු. තන්තු සන්තානෙ, විවීමෙහි, ඌයති, වියයි. (පි. 209)

ඌරට්ඨි

ඉ. කළවා ඇටය. (පි. 209)

ඌරණක්ඛ

පු. තුවරලා ගස. (පි. 209)

ඌරව්‍ය

පු. බ්‍රහ්මයාගේ කලවයෙන් උපන්නා, වෛශ්‍යයා. (පි. 209)

ඌරු

පු. කලවය, බොහෝ, මහත් “ඌරුයා පොත්ථනිකං බන්ධිත්වා” (පි. 209)

ඌරුක්ඛම්භ

පු. කලවයේ කර්‍කශකම, කකුලේ අංශබාගය. (පි. 209)

ඌරුජ

පු. කලවයෙන් උපන්නා, වෛශ්‍යයා. (පි. 209)

ඌරුන්ද

ති. විවේක ඇති, කරදර නැති. (පි. 209)

ඌරුපබ්බ

න. දණහිස, දණහිය, දණමඩල, ඌරු සන්ධිය. (පි. 209)

ඌරුබද්ධාසන

න. පලක් බැඳ හිඳීම, ඌරු බද්ධාසනය. (පි. 209)