සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 310
උළු
ඉ. තාරකාව. (පි. 208)
උළුඞ්ක
පු. හැන්ද, දිය ඉස්නා සැන්ද, කෙණ්ඩිය. (පි. 208)
උළුඞ්ක භික්ඛා
ඉ. පිණ්ඩාහාරය, කෙණෙසි බත්, සැඳිබත්. (පි. 208)
උළුම්ප
පු. පහුර “මනුස්සා උළුම්පං බන්ධිත්වා ගංගාය ඔතරන්ති.” (පි. 208)
උළුම්පති
පු. පසුර, ඇණ සවිකිරීමෙන් කළ පහුර. (පි. 208)
උළුරාජ
පු. චන්ද්රයා, තාරකාධිපතියා නක්ෂත්රාධිපතියා. (පි. 208)
උළුසීහ
පු. ගුරුළා. (පි. 208)
ඌ
අ. ප්රශ්න, ක්රෝධ වචන යන මෙහි. (පි. 208)
ඌකා
ඉ. උකුණා, ලික්ඛා සතක් ප්රමාණ ගණන, රථරෙණු සතිසක්, රථය යනවිට නගින දූවිල්ල රථ රෙණු නමි. (පි. 208)
ඌජ
√ චු. ජීවනෙ, ජීවත් වීමෙහි, ඌජෙති, ජීවත්වෙයි.
√ චු. බලෙ, ශක්තියෙහි, ඔජයති, ශක්තිමත් වෙයි. (පි. 208)
ඌණු
√ භු. අච්ඡාදනෙ, ඇඳීමෙහි, ඌණෙති, අඳියි. (පි. 209)
ඌන
√ චු. පරිහාණෙ, පිරිහීමෙහි, ඌනෙති. ඌනයති, පිරිහෙයි. අනු කෙරෙයි.
පු. අඩු, අසම්පූර්ණ, හානි. (පි. 208)
ඌනඋදර
පු. හිස්බඩ, ආහාර වලින් හිස් උදරය. (පි. 209)
ඌනක
ති. උනු, අඩු. (පි. 208)
ඌනක අඩ්ඪතෙය්යකස
න. කහවනු දහයකට අඩු, එබඳු වටිනාකමක් ඇති පොරෝනය. (පි. 208)
ඌනකචතුක්කංස
ති. කහවණු සොළොසකට අඩු. (පි. 208)
ඌනකඡක්ඛත්තු
ති. සවරකට අඩු, වාර සයකට අඩු. (පි. 209)
ඌනකඡබ්බස්ස
ති. අවුරුදු සයකින් අඩු, සවසකින් අඩු කාලය. (පි. 209)
ඌනකතික්ඛත්තු
ති. තෙවරකට අඩු. (පි. 209)
ඌනකසඤ්ඤා
ඉ. අඩුය යන හැඟීම, එවැනි කල්පනාව. (පි. 209)
ඌනකසඤ්ඤී
පු. අඩුය යන හැඟීම ඇත්තා. (පි. 209)
ඌනතර
ති. ඉතා අඩුවූ. (පි. 209)
ඌනත්ත
න. අඩුබව, උනුබව. (පි. 209)