සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 763

ලකුණ්ටක

පු. කුරු-මිට්ටා. (පි. 446)

ලඛ

√ භු. ගමනෙ, යාමෙහි, ලඞ්ඛති, යෙයි (පි. 446)

ලග

√ භු. ලග්ගනෙ, එල්ලීමෙහි, ලගති, ලග්ගති, එල්ලෙයි. (පි. 446)

ලගති

ක්‍රි. (√ භු. ලග, ලග්ගනෙ, එල්ලීමෙහි +ති) ගැලෙයි, එල්ලෙයි. (පි. 446)

ලග්ග

පු. ලග්න වස්තු, ඇලීම, එල්ලීම. (පි. 446)

ලග්ගකෙස

පු. අවුල් හිසකෙස් ඇත්තා, හැඩපලු කෙස්. (පි. 446)

ලග්ගන

න. එල්ලීම, ඇලීම. (පි. 446)

ලග්ගිත

ති. එල්ලෙන ලද, ඇලුණු (පි. 446)

ලගි

√ භු. ගමනෙ, යාමෙහි, ලඞ්ගති, යෙයි, යයි. (පි. 446)

ලගු ඩ(ළා)

පු. මුග්ගරය, මුගුර. (පි. 446)

ලඝි

√ භු. ගමනෙ, ගමනෙහි, ලඞ්ඝති, උල්ලඞ්ඝති, යෙයි, පැනයෙයි.
√ චු. දිත්තියං, බැබලීමෙහි, ලඞ්ඝෙති, ලඞ්ඝයති, බබලයි, දිලිසෙයි. (පි. 446)

ලඝිමා

පු. අහස් ගමනාදියෙහි ශරීරය සැහැල්ලු බවට පැමිණවීම, පස්සම්භනය. (පි. 446)

ලඝු

න. සැහැල්ලු, නොබර, ලඝු අක්ෂර, හ්‍ර‍ස්වස්වර. (පි. 446)

ලඞ්කා

ඉ. ලංකාව, ලක්දිව. (පි. 446)

ලඞ්කිස්සර

පු. ලංකාවට අධිපති, ලකිසුරු. (පි. 446)

ලඞ්ඝ

√ චු. උල්ලඞ්ගනෙ, පැනයාමෙහි, පැන නැගීමෙහි, ලඞ්ඝෙති, ලඞ්ඝයති; පැනනගී, පැන යයි. (පි. 446)

ලඞ්ඝක

පු. පැන යන්නා, පැන පැන යන්නා. (පි. 446)

ලඞ්ඝති

ක්‍රි. යයි, පැන යයි. (පි. 446)

ලඞ්ඝන

න. පැන යාම. (පි. 446)

ලඞ්ඝිත

ති. පැනයන ලද. (පි. 446)

ලඞ්ඝී

පු. පැන යන්නා. (පි. 446)

ලඞ්හී

ඉ. කනයම, දොරට දමන හරස් පොල්ල. (පි. 446)

ලච්ඡ

√ භු. ලාභෙ, ලැබීමෙහි, ලච්ඡති, ලබයි. (පි. 446)

ලච්ඡති

ක්‍රි. (√ භු. ලච්ඡ, ලාභෙ, ලැබීමෙහි +ති) ලබයි. (පි. 446)