සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 762

රොහිච්ච

න. රොහිත භාවය, රත්තවර්ණ භාවය. (පි. 445)

රොහිණී

ඉ. රතුදෙන, රෙහෙණ නැකත. (පි. 445)

රොහිණෙය්‍ය

ති. රොහිණී නැකත පිළිබඳ. (පි. 445)

රොහිත

පු. රක්තවර්‍ණය, මත්ස්‍ය විශේෂයක්, රේරු, මෘග ජාතියක්=රොහිතමුවා.
න. අශ්වගතියක්. (පි. 445)

රොහිතක

පු. වල් එරබදු. (පි. 445)

රොහිතස්ස

පු. ගින්න, වහ්තිය. (පි. 445)

රොහිති

ක්‍රි. (√ භු. රුහ, ගතියං, ගමන්හි +ති) නැගෙයි, ආරූඪවෙයි. (පි. 445)

රොහිස

පු. රොහිත මෘගයා. (පි. 445)

රොහී

පු. වල් එරබදු. (පි. 445)

ලක

√ චු. අස්සාදෙ, ආස්වාදයෙහි, ලකෙති, ලකයති, ආස්වාදය කෙරෙයි. (පි. 446)

ලක්කඤ්ඤූ

පු. ලක්ෂණ දත් තැනැත්තා. (පි. 445)

ලක්ඛ

√ චු. පස්සනෙ, ලක්ඛණෙච, දැකීමෙහි සලකුණු කිරීමෙහි, ලක්ඛෙති, ලක්ඛයති, දකී, සලකුණු කරයි.
න. ලක්ෂය, සියක් දහස, ඉලක්කය, සලකුණ. (පි. 445)

ලක්ඛණ

න. ලක්ෂණය, චිහ්නය, සලකුණ, ස්වභාවය, ශාස්ත්‍ර‍ය. (පි. 446)

ලක්ඛණ සම්පත්තී

පු. ලක්ෂණ සම්පත්තිය, මනා ශරීර ලක්ෂණය වූ සැපත. (පි. 446)

ලක්ඛණකුසල

පු. ලකුණු බලා කීමෙහිදක්ෂ, ශරීරලක්ෂණ බලා ඉෂ්ටානිෂ්ටඵල ප්‍ර‍කාශ කිරීමෙහි සමර්‍ථයා. (පි. 446)

ලක්ඛණපටිග්ගහණ

න. ලකුණු පිළිගැන්ම, ශරීරලක්ෂණ බලා සිදුවියහැකි යයි කියන පලාපල පිළිගැනීම. (පි. 446)

ලක්ඛණපාඨක

පු. ශරීර ලක්ෂණ බලා පලාපල කියන ශාස්ත්‍ර‍කාරයා. (පි. 446)

ලක්ඛණමන්ත

ලක්ෂණ ශාස්ත්‍ර‍ය, මහා පුරිස ලක්ඛණාදිය, ප්‍ර‍කාශක මන්ත්‍ර‍ විධිය. (පි. 446)

ලක්ඛණහත

ති. සලකුණු තැබීමෙන් නසන ලද. (පි. 446)

ලක්ඛණූපනිජ්ඣාන

න. විදර්‍ශනා මාර්‍ග ඵල, විදර්‍ශනාව වනාහි තිලකුණු අනුව බැලීම ලක්ඛණූපනිජ්ඣාන නමි. (පි. 446)

ලක්ඛිත

පු. පින් ඇත්තා, දෛවය ඇත්තා.
ති. ලකුණුකළ, සලකුණුකළ, සටහන් කළ. (පි. 445)

ලක්ඛී

පු. සොභාව, සම්පත්තිය, ශ්‍රී කාන්තාව, ශ්‍රියාව. (පි. 446)

ලකාර

පු. රුවල, නැවේ රුවල, “ල” යන අක්ෂරය. (පි. 446)

ලකුට

න. නකුට, වාලධිය, වල්ගය. (පි. 446)