ලඝු

laghu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කුඩා ; ස්වල්ප ; පුංචි ; නොවැදගත් ; සුළු ; සරල.
2. සැහැල්ලු ; බර නැති (සෘද්ධි බලයෙන් ශරීරය) සැහැල්ලු කරන ; (සිතේ) සැහැල්ලු ඇති.
3. (ගුණ දහමින්) උසස් නොවූ ; ශ්‍රේෂ්ඨ නොවූ.
4. ගිජුකමෙන් තොර ; මසුරුකමෙන් තොර.
5. අඩු ; අල්ප ; මන්ද.
6. නිස්සාර ; හිස් ; වැදගැම්මකට නැති.
7. දිරවීමට පහසු ; බර බවින් තොර වූ.
8. දික් නොවූ ; කෙටි.
9. ඉක්මන්; ශීඝ්‍ර ; කඩිසර.
1. නා.ප්‍ර. ගුරු නොවූ අකුර ; නොඇද ශබ්ද කරන අකුර ; භ්‍රස්වාක්ෂරය.
2. (ආහාරාදියෙහි) ගුණ විශේෂයක් ; බර නැතිබව ; සැහැල්ලු ගුණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙටි; ලුහු/ ගුරු නොවූ; සැහැල්ලු (පා. සං. ලඝු)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සැහැල්ලු, නොබර, ලඝු අක්ෂර, හ්‍ර‍ස්වස්වර. (පි. 446)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. curt
2. a. light
3. Mat. log
4. Mat. logarithm
5. a. short
6. a. slow
7. Law. summary