ආසව

āsava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ( මල්රස, උක්රස, ඵලරස ආදිය පල් කොට) පෙරා ගන්නා මද්‍ය විශේෂය; මේරය; මධු.
2. නා.ප්‍ර. සුනු කළ ඖෂධ වර්ග, මීපැණි ආදියෙහි බහා පැසවා ගන්නා ඖෂධ සංයෝග පාන විශේෂය.
3. (අභි.) නා.ප්‍ර. දිගු කලක් තිස්සේ පැවත ගෙන එන්නා වූ පාප ධර්ම; සිත කිලුටු කරන ක්ලේශ.
4. (කායි.) නා.ප්‍ර. (ග්‍රන්ථියකින් ) ස්‍රාවය වන ද්‍රවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැසවා පෙරාගත් දෙය (පා. සං. ආසව) 2. කෙලෙස් (පා. ආසව)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ක්ලේශය; පැසෙමින් තිබෙන දෙය; මද්‍යය; සැරව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ට්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන සතර. පූයා, සැරව, සූරා, උපද්‍රවය. (පි. 145)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canker
2. n. defilement
3. n. liquor

Digital Pāḷi Dictionary