සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 235
ආසය
1. නා. සත්ත්ව ශරීරය තුළ යම්කිසි කාර්ය සදහා ඇති පටලමය කෝෂය හෙවත් බොක්ක.
2. නා. සිතෙහි ස්වභාව; අභිප්‍රාය; කැමැත්ත; ආශාව.
3. (අභි.) නා. සිත අවුත් හොවින තැන; සිතෙහි වාසස්ථානය.
ආසයානුසය ඤාණය
නා. බුදුරජාණන් වහන්සේට විශේෂ වූ පස් විධ ඥානයන්ගෙන් එකක නාමය; ආසය හා අනුසය දක්නා නුවණ.
ආසව
1. නා.ප්‍ර. ( මල්රස, උක්රස, ඵලරස ආදිය පල් කොට) පෙරා ගන්නා මද්‍ය විශේෂය; මේරය; මධු.
2. නා.ප්‍ර. සුනු කළ ඖෂධ වර්ග, මීපැණි ආදියෙහි බහා පැසවා ගන්නා ඖෂධ සංයෝග පාන විශේෂය.
3. (අභි.) නා.ප්‍ර. දිගු කලක් තිස්සේ පැවත ගෙන එන්නා වූ පාප ධර්ම; සිත කිලුටු කරන ක්ලේශ.
4. (කායි.) නා.ප්‍ර. (ග්‍රන්ථියකින් ) ස්රාවය වන ද්‍රවය.
ආසවක
(පාරිභා.) නා.ප්‍ර. ප්රකිණ්ව; යීස්ට් (=yeast).
ආසවක්ඛය
නා. කාමාදි ආශ්‍රවයන් ප්‍රහීණ කිරීම; කෙලෙස් නැසීම.
ආසවනය
(පාරිභා.) නා. ද්‍රවයක් වාෂ්ප කර වාෂ්ප ඝනීභවනය කිරීම (=distillation).
ආස්තරණය
1. නා. එළීම; ඇතිරීම; ( මල් ආදිය) විසුරුවීම.
2. නා. (බිම හෝ අසුනක හෝ ඇත්, අස් ආදීන් පිට හෝ) එළන වස්ත්‍රය; ඇතිරිල්ල.
3. නා. බුමුතුරුණ; පලස.
ආස්තීර්ණ
වි. අතුරන ලද; විසුරුවන ලද.
ආස්ථාන
1. නා.ප්‍ර. (ඔටුන්න හිමි) කුමාරයා යන අරුත ඇති අභිධානයක්.
2. නා.ප්‍ර. රාජ සභාව.
ආස්ථාන මණ්ඩපය
නා. රාජ සභා ශාලාව; මඟුල් මඩුව.
ආස්ථානාගාරය
නා. විශ්‍රාම ස්ථානය; නවාතැන් පොළ.
ආස්ථාපනය
නා. තෙල් නොයොදා කරන වස්තිය; නිරූහ වස්තිය.
ආස්පද
1. නා.ප්‍ර. ස්ථානය; ආධාර ස්ථානය.
2. නා.ප්‍ර. ජන්ම පත්‍රයක දස වැනි භාවය.
3. නා.ප්‍ර. තරාතිරම; තනතුර.
4. නා.ප්‍ර. උතුම් බව; ප්‍රභූත්වය.
ආස්ඵෝටනය
1. නා. අත්පිඩි ගැසීම; අත්පොළසන් දීම.
2. නා. පිපීම; දිග හැරීම.
3. නා. (රෙදි) ගලේ ගැසීම.
ආස්වාදනය
නා. විඳීමේ ක්‍රියාව; රස විඳීමේ ක්‍රියාව; වින්දනය; අනුභූතිය.
ආස්වාදය
1. නා. විඳීම; රසවිඳීම; රසානුභාවය.
2. නා. තෘප්තිය; සැනසිල්ල; අස්වැසිල්ල.
ආස්රාවය
නා. වැගිරීම; ගැලීම.
ආස්‍රැතිය
(පාරිභා.) නා. අර්ධපාරගම්‍ය පටලයක් තුළින් ද්‍රවයක අණු කාන්දු වීම (=osmosis).
ආසාදනය
(පාරිභා.) නා. රෝග බෝ වීම; රෝග සංක්‍රමණය (=infection).
ආසාර
1. නා.ප්‍ර. ධාරානිපාත වර්ෂාව; මහා වැස්ස.
2. නා.ප්‍ර. ප්‍රහාරය.
ආසාව
නා. ආශාව.
ආසි
1. නා.ප්‍ර. ආශීර්වාදය; ආශංසනය; ශුභ ප්‍රාර්ථනය.
2. (ව්‍යාක.) නා.ප්‍ර. ආශීර්වාද ක්‍රියාව.
ආසි කෙළිය
නා. කවඩි බෙල්ලන් දැමීමෙන් කරන ගෘහ ක්‍රීඩාවක්.
ආසි බෙල්ලා
නා. කවඩියා; බෙල්ලා.
ආසික්ත
වි. ඉසින ලද; සිංචනය කරන ලද; තෙමුණු.