සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 236
ආසිඤ්චනය
නා. ඉසීම; වත්කිරීම.
ආසියා
නා. කඩදාසි කුට්ටමේ අංක එක දරන කොළය.
ආසියාව
නා. ශ්‍රී ලංකාව ද අයත් මහාද්වීපය; මහාද්වීප සය අතුරින් විශාල ම මහාද්වීපය.
ආසිරි
1. නා.ප්‍ර. ආශීර්වාදය; ආශිංසනය; සුබපැතීම.
2. නා.ප්‍ර. දීර්ඝ ආයු නැමැති සම්පත; ආයුඃශ්රීය.
ආසිරිපැන්
නා.ප්‍ර. (ක්‍රිස්ති.) ශුද්ධ ජලය.
ආසුත ජලය
නා. ආසවනය කිරීමෙන් හෙවත් වාෂ්ප කර පෙරා ගැනීමෙන් ලබාගත් දිය.
ආසුර විවාහය
නා. අට වැදෑරුම් විවාහයන්ගෙන් එකක නාමය; මනාලයා විසින් මනාලියගේ ඥාතීන්ට වස්තුව දී සිය කැමැත්තෙන් මනාලිය පාවා ගැනීමේ විවාහ ක්‍රමය.
ආසේවනය
නා. පුරුදු කිරීම; ඇසුරු කිරීම; නැවත නැවත ප්‍රගුණ කිරීම.
ආහත
1. වි. පහරන ලද; ගැසූ; තැළූ; පීඩා කළ.
2. වි. ලකුණු කළ; සටහන් කළ.
3. වි. නැසූ; විනාශ කළ; දුරු කළ.
ආහනනය
නා. ගැසීම; ගැටීම; හැපීම; නැසීම.
ආහන්‍ය
වි. තැළිය හැකි; තුනී තහඩුවක් බවට පත් කළ හැකි.
ආහපත්
වි. පැහැපත්; ප්‍රභාසම්පන්න වූ.
ආහරණය
1. නා. ගෙන ඒම; සමීපයට පැමිණවීම; එළවීම; ගැනීම.
2. නා. ඇද දැමීම; බැහැර කිරීම.
3. නා. ආහාර ගැනීම; බුදීම; අනුභවය.
4. නා. ශස්ත්‍රාදියෙන් තුවාල කර ගැනීම හෙවත් ඇන ගැනීම.
ආහරය
නා. කෑ යුතු දෙය; කෑම; භෝජනය; ආහාරය.
ආහවනීය
වි. පිදිය යුතු; පූජාවට සුදුසු.
ආහ්නික
වි. දිනපතා කරන හෝ සිදුවන.
ආහ්ලාදය
නා. සතුට; සන්තෝෂය; ආනන්දය.
ආහ්වානය
නා. කැඳවීම; ආරාධනය; නිමන්ත්‍රණය.
ආහාර කෘත්‍යය
නා. අහර කිස; ආහාර අනුභව කිරීම.
ආහාර නාළය
නා. අන්න නලය; ගලනාළය; උගුරේ සිට ආමාශය කරා ආහාර ගෙන යන නාළය.
ආහාර බෝගය
නා. කෑමට ගැනීම සඳහා වගා කරනු ලබන ධාන්‍ය; අල බතල ආදිය.
ආහාර විද්‍යාව
(පාරිභා.) නා. පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහුට අවශ්‍ය ආහාර ප්‍රමාණය ආදි කරුණු අනුව ආහාර ගැන පරීක්ෂා කර බලන විද්‍යාව (=dietetics).
ආහාර විපත්තිය
නා. ආහාර නැතිවීමෙන් විනාශයට පත් වීම; ආහාර දුර්ලභ වීම; දුර්භික්ෂය.