ආහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙන ඒම; සමීපයට පැමිණවීම; එළවීම; ගැනීම.
2. නා. ඇද දැමීම; බැහැර කිරීම.
3. නා. ආහාර ගැනීම; බුදීම; අනුභවය.
4. නා. ශස්ත්‍රාදියෙන් තුවාල කර ගැනීම හෙවත් ඇන ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙන ඒම/ ඇද දැමීම/ ආහාර ගැනීම (පා. සං. ආහරණ)