අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 41

ආස්වාදනය

නා. විඳීම; රසවිඳීම/ අගය කොට සැලකීම (සං. ආස්වාදන)

ආස්වාදය

නා. විඳීම; රස විදීම/ තෘප්තිය (සං. ආස්වාද)

ආසාදනය

නා. රෝග බෝවීම; රසායනික ද්‍රව්‍ය හෝ ක්‍ෂුද්‍ර ජීවීන් හෝ වැනි බාහිර සාධක නිසා ශරීරයේ ඇති වන සංකූලතාව (පා. සං. ආසාදන)

ආසාව

නා. ආශාව

ආසිංසනා

නා.ප්‍ර. ආශංසනය (පා. ආසිංසනා)

ආහරණය

නා. ගෙන ඒම/ ඇද දැමීම/ ආහාර ගැනීම (පා. සං. ආහරණ)

ආහ්ලාදය

නා. සතුට; ආනන්දය (සං. ආහ්ලාද)

ආහාර්ය

නා.ප්‍ර. ගෙන ඒම; පැමිණවීම/ උද්ධාරණය/ සිව් වැදෑරුම් අභිනයන්ගෙන් එකක් (සං. ආහාර්ය)

ආළවක

නා.ප්‍ර. බුද්ධකාලීන ව විසූ යක්ෂයකුගේ නාමය (පා. ආළවක)

ආළාපාළුව

නා. විනාශය; හානිය (දෙ. ஆமும்பாமுமாய்)

ආළාරකාලාම

නා.ප්‍ර. සිදුහත් බෝසතුන් උපදෙස් ලැබූ තවුසකුගේ නාමය (පා. ආළාරකාලාම)

ආළාහනය

නා. මිනී දැවීම; ආදාහනය (පා. ආළාහන)

ඇකිළෙනවා

ක්‍රි. රැලි ගැසෙනවා; ප්‍රමාණයෙන් කුඩා වෙනවා; හැකිළෙනවා (පා. සඞ්කුටති)

ඇගිටි

නා.ප්‍ර. අඩක් බොල් වූ වී හෝ එම වීවලින් ගන්නා හාල්

ඇඟ

නා.ප්‍ර. කය; ශරීරය/ රහසඟ; ලිඟුව (පා. අඞ්ගී සං. අඞ්ගින්)

ඇඟමැළි

නා.ප්‍ර. කම්මැළිකම; අලසකම

ඇඟලුම්

නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය

ඇඟෑලුම්කම

නා. හිතවත් බව; බැඳීම

ඇඟිල්ල

නා. අත් පා කෙළවර වෙන් වෙන් ව පිහිටා ඇති පුරුක් සහ නිය සහිත අවයවය (පා. සං. අඞ්ගුලි)

ඇඟෙනවා

ක්‍රි. සිතට නැඟෙනවා; වැටහෙනවා

ඇටමිදුලු

නා.බහු. ඇට කුහරවල ඇති මේද සහිත මොළොක් ද්‍රව්‍යය (පා. අට්ඨිමිඤ්ජා)

ඇටර්නි බලය

නා. කෙනකු වෙනුවෙන් පෙනී සිටීමට නීතියෙන් ලබාගත් බලය (ඉං. attorney)

ඇටසැකිලි

නා.ප්‍ර. අස්ථි පඤ්ජරය (පා. අට්ඨිසඞ්කලිකා)

ඇට්ටකුණා

වි. නිසියාකාර ව නොතැම්බුණු