අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 40
ආශ්ලිෂ්ට
වි. වැලඳගත්; එල්බගත් (සං. ආශ්ලිෂ්ට)
ආශ්වාස ප්‍රශ්වාස
නා.ප්‍ර. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම (පා. අස්සාසපස්සාස)
ආශ්වාසය
නා. හුස්ම ගැනීම (සං. ආශ්වාස)
ආශ්‍රමය
නා. පන්සල; තාපසාරාමය (සං. ආශ්‍රම)
ආශ්‍රය
නා.ප්‍ර. අැසුරරුඇ/ යමක් රඳා පවතින තැන (සං. ආශ්‍රය)
ආශ්රිත
වි. ඇසුරු කළ/ වාසය කළ (සං. ආශ්රිත)
ආශ්‍රේය
වි. ඇසුරු කළ (සං. ආශ්‍රෙය)
ආශාව
නා. කැමැත්ත/තෘෂ්ණාව; ලෝභය/ආදරය/අදහස (සං. ආශා පා. ආසා)
ආශාවරී
නා.ප්‍ර. භාරතීය සංගීතයේ මේලයක නාමය (හි. ආසාවරී)
ආශිංසනය
නා. ආශංසනය
ආශී
නා.ප්‍ර. සර්පයකුගේ දළය (සං. ආශී)
ආශීර්වාදය
නා. ශුභ පැතීම/ඉෂ්ට ප්‍රාර්ථනාව (සං. ආශීර්වාද)
ආශීර්විෂ
නා.ප්‍ර. සර්පයා/ සර්පයකුගේ දළෙහි ඇති විෂ (සං. ආශීර්විෂ)
ආෂාඪ
නා.ප්‍ර. ඇසළ (සං. ආෂාඪ)
ආසක්ත
වි. බැඳුණු; ඇලුණු; නිරත වූ (සං. ආසක්ත)
ආසන ඝරය
නා. විහාරස්ථානවල පුද පූජා කිරීමට වජ්රාසනය හෝ මල් ආසනය හෝ වටකොට ඉදි කළ ගෙය (පා. ආසනඝර)
ආසනය
නා. ඉඳගන්නා ඉරියව්ව/ ඉඳගන්නා තැන/ වේදිකාව (පා. සං. ආසන)
ආසන්න
වි. සමීප; කිට්ටු (පා. ආසන්න)
ආසව
1. නා.ප්‍ර. පැසවා පෙරාගත් දෙය (පා. සං. ආසව) 2. කෙලෙස් (පා. ආසව)
ආසවනය
නා. ද්‍රවයක් වාෂ්ප බවට හරවා යළි ඝනීභවනය කිරීමෙන් ද්‍රව වෙන් කිරීමේ ක්‍රමය
ආස්තරණය
නා. ඇතිරීම/ ඇතිරිල්ල (සං. ආස්තරණ)
ආස්ථානය
නා. රාජ සභාව/ ඔටුන්න හිමි කුමාරයා යන අරුත් දෙන අභිධානයක් (සං. ආස්ථාන)
ආස්පද
නා.ප්‍ර. ස්ථානය/ තනතුර (සං. ආස්පද)