අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 39
ආලේපනය
නා. ගෑම; තැවරීම (පා. සං. ආලෙපන)
ආලෝක වර්ෂය
නා. වර්ෂයක දී ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණය
ආලෝකය
නා. එළිය; දීප්තිය (පා. සං. ආලොක)
ආලෝචනය
නා. දැකීම; බැලීම (පා. සං. ආලොචන)
ආලෝළනය
නා. ඇලළීම; කැලඹීම (පා. ආලොළන පා. සං. ආලොලන)
ආවරණය
නා. වැසීම/ වැස්ම; තිරය/බාධාව; අවහිරය/ආරක්ෂාව (පා. සං. ආවරණ)
ආවර්ජන
නා.ප්‍ර. සිහි කිරීම; මෙනෙහි කිරීම (සං. ආවර්ජන පා. ආවජ්ජනා)
ආවර්තනය
නා. කරකැවීම; පෙරළීම; පරිභ්‍රමණය (සං. ආවර්තන)
ආවර්තිතාව
නා. යමක් සමාකාර අන්තරයක් ඇති ව නැවත නැවත සිදුවීම
ආවලිය
නා. පෙළ; වැල/ සමූහය; පද්ධතිය/වංශය (පා. සං. ආවලී)
ආවශ්‍යක
වි. උවමනා කරන; අවශ්‍ය වූ (සං. ආවශ්‍යක)
ආවස්ථික
වි. අවස්ථාවට සුදුසු (සං. ආවස්ථික)
ආවාසය
නා. වසන තැන/ පැවිදි ආරාමය (පා. සං. ආවාස)
ආවාහනය
නා. කැඳවීම; ආරාධනා කිරීම; පමුණුවීම (සං. ආවාහන)
ආවිෂ්ට
වි. ආවේශ වූ; ආරූඪ වූ (සං. ආවිෂ්ට)
ආවෘත
වි. ආවරණය වූ; වැසුණු (සං. ආවෘත)
ආවෘත්ත
වි. කරකැවුණු; ආපසු හැරුණු (සං. ආවෘත්ත)
ආවේණික
වි. අන්‍යයන් හා සාධාරණ නොවූ; විශේෂ වූ/ නොකඩවා පවත්වා ගෙන ආ (පා. ආවෙණික)
ආවේදනය
නා. නිවේදනය; දැනුම් දීම/ දැනුම (පා. සං. ආවෙදන)
ආවේශනය
නා. පිවිසීම/ ආරූඪ වීම (සං. ආවෙශන)
ආවේශය
නා. වැහීම; ආරූඪ වීම (සං. ආවෙශ පා. ආවෙස)
ආශංසනය
නා. ප්‍රාර්ථනය; ආශිර්වාදය (සං. ආශංසන)
ආශය
නා.ප්‍ර. ලගින තැන/ දිය ආදිය රැඳුණ කෝෂය/ අදහස; පරමාර්ථය (සං. ආශය)
ආශයිකාව
නා. ද්‍රව හෝ වායු හෝ අඩංගු කුඩා කෝෂය (සං. ආශයික)
ආශ්චර්ය
නා.ප්‍ර. අපූර්ව දර්ශනය හෝ සිදුවීම; අරුමය (සං. ආශ්චර්ය)