සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 234
ආශාව
1. නා. කැමැත්ත; අභිලාෂය.
2. නා. තෘෂ්ණාව; ලෝභය; ආදරය; ඇල්ම.
3. නා. අභිප්‍රාය; අදහස.
4. නා. පැතීම.
ආශිංසනය
නා. ප්‍රාර්ථනය; ආශීර්වාදය; ආශංසනය.
ආශිංසනීය
වි. ආශංසනා කටයුතු; වර්ණනා කටයුතු; ප්‍රශංසනීය.
ආශී
නා.ප්‍ර. සර්ප දළය.
ආශීර් වචනය
නා. ශුභ ප්‍රාර්ථනය; සුබ පැතීම; ආශීර්වාදය.
ආශීර්වාද ක්‍රියාව
නා. (ව්‍යාක.) ප්‍රාර්ථනයක් කිරීම සඳහා ව්‍යවහාර කරන ක්‍රියා රූපය; ආසිකිරිය.
ආශීර්වාදය
1. නා. ශුභ පැතීම; ආශිංසනය; ප්‍රාර්ථනය.
2. (ක්‍රිස්ති.) නා. පූජකයකු විසින් කරනු ලබන ආශිංසනය; බෙන්සාරුව.
ආශීර්විෂ
නා.ප්‍ර. සර්පයකුගේ දළෙහි ඇති විෂ; සර්ප විෂ.
ආශීර්විෂයා
නා. (දළෙහි විෂ ඇත්තා යනු වාච්‍යාර්ථයි) විෂ සහිත සර්පයා; විසකුරු සර්පයා.
ආශූනතාව
නා. තද බව; පැළෑටියක කඳන්, කොළ ආදියෙහි තිබෙන සෛල මහත් වීමෙන් ඇති වන තද ගතිය හෙවත් ප්‍රාණවත් බව.
ආසක්ත
1. වි. බැඳුණු; ඇලුණු; නිරත; නියැළි.
2. (පාරිභා.) වි. ඇලෙන; ඇලෙනසුලු; ඇලීමකට හෝ එල්බීමට හෝ ආධාර වන (=adhesive).
ආසක්තිය
1. නා. සම්බන්ධකම; ඇලී සිටීම; ඇල්ම.
2. (පාරිභා.) නා. වස්තු දෙකක් ස්පර්ශ වෙමින් තිබෙන විට ඒ දෙක එක් ව ඇලෙනු පිණිස ඇති වන පෙලඹීම හෙවත් ඒවායේ පෘෂ්ඨ අතර තිබෙන ආකර්ෂණය ; ශරීරයේ යාබද ව තිබෙන පටක අස්වාභාවික ලෙස එකිනෙකට ඇලීම. (=adhesion).
ආසඞ්කා
1. නා.ප්‍ර. බිය; චකිතය.
2. නා.ප්‍ර. සැකය; අවිශ්වාසය.
ආසන
1. නා. ඉඳීම; ඉඳීමේ ආකාරය; භාවනායෝගයෙහි නොහොත් යෝග ශාස්ත්‍රයෙහි විවිධ ශාරීරික ඉරියවු ගැනීමේ ආකාරය.
2. නා. නැවතීම; පදිංචි වීම.
3. නා. ඉඳ ගැනීම සඳහා ගැනෙන පුටුව,බංකුව හෝ අන් භාණ්ඩය.
4. නා. ඇතකු මත ඇත් ගොව්වා ඉඳගන්නා පිටිකර ප්‍රදේශය.
5. නා. සිද්ධස්ථානයෙක මල් ආදිය පූජා කිරීම හෝ ගෘහයක් ඉදිරිපස වෙළඳ බඩු තැබීම පිණිස ඉදි කරන ලද වේදිකාව හෙවත් පුවරුව.
6. නා. කුලුනු පාදය; පිළිම අඩිය.
7. නා. මන්ත්‍රීවරයකු නියෝජනය කරන ඡන්දදායක කොට්ඨාසය.
ආසන කූඩුව
1. නා. (උඩු වියන සහිත) හාත්පසින් ආවරණය කරන ලද ධර්මාසනයකින් යුත් මණ්ඩපාකාර වේදිකාව.
2. නා. පිරිත් මණ්ඩපය මත සාදන සැරසිලි විශේෂයක්.
3. නා. ක්‍රිස්තියානි ගායනා මණ්ඩලයෙහි හෝ පූජාසන මණ්ඩලයෙහි හෝ දේවගැතිවරුනට නියමිත දෙපසින් හා පිටුපසින් ආවරණය වූ ආසනය.
ආසන ඝරය
1. නා. පැරණි බෞද්ධ සිද්ධස්ථානවල, වජ්රාසනයක් ප්‍රධාන පූජනීය වස්තුව කොට තබා තනන ලද ගෙය; ආසන ගෘහය.
2. නා. බෞද්ධ සිද්ධස්ථානවල පුද පූජා කිරීම සඳහා මලසුන් ඉදි කොට තනා ඇති ගෙය; මලසුන් ගෙය.
ආසන දෙව්මැදුර
නා. (ක්‍රිස්ති.) රාජගුරු ප්රසාදිතුමාගේ ප්‍රධාන සිංහාසනය ඇති දේවස්ථානය.
ආසන බන්ධය
නා. ඉඳ ගැනීම; ඉඳ ගැනීමේ ආකාරය.
ආසන ශාලාව
1. නා. භික්ෂූන් වහන්සේලාට ගමන් විඩා හැරීම, පිණ්ඩපාතය වැළඳීම ආදි පහසුකම් සඳහා විහාර පරියන්තයෙහි හෝ ග්‍රාම මධ්‍යයෙහි හෝ මහාමාර්ගයක් අසල හෝ කරන ලද ශාලාව.
2. නා. රාජාසනය හෙවත් සිංහාසනය සහිත (රාජකීය) රැස්වීම් ශාලාව.
ආසන්න
වි. සමීප; ළඟ; නුදුරු; කිට්ටු.
1. නා.ප්‍ර. සමීපය; නුදුරු තැන.
2. නා.ප්‍ර. සමීප කාලය; අවසාන අවස්ථාව.
ආසන්න අගය
(පාරිභා.) නා. කිට්ටු ම වටිනාකම (=approximate value).
ආසන්න කර්මය
නා. (අභි.) මරණාසන්න කාලයෙහි කරන ලද හෝ සිහි කරන ලද කර්මය.
ආසන්න බණ
නා. මරණාසන්න තැනැත්තකුට දේශනා කරන බණ.
ආසනික්
නා.ප්‍ර. (රසා.) මූලද්‍රව්‍ය විශේෂයක් (=arsenic).