සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 207

ආසනික

පු. ආසන ඇත්තා, එකාසනය ඇත්තා. (පි. 144)

ආසනීය

ති. හින්ද යුතු, ඉඳගත යුතු. (පි. 144)

ආසනූපගත

ති. (ආසන+උපගත) ආසනයට පැමිණි. (පි. 144)

ආසප්පනා

ඉ. පසුබැසීම, “නිච්ඡෙතුං අසක්කොන්ති ආරම්මණතො ඔසක්කතීති ආසප්පනා” මහා නිද්දෙසට්ඨ කථා. (පි. 144)

ආසභ

පු. උත්තම, ශ්‍රේෂ්ඨ, නිර්‍භය, ශ්‍රෙභගවයා, උත්තම ආචාර්‍ය්‍යයා, උසභයාට අයිතිදේ. (පි. 145)

ආසභට්ඨාන

පු. උසස් පදවිය, ශ්‍රේෂ්ඨතනතුර. (පි. 145)

ආසභි

ඉ. නිර්භය භාවය ඇති, කම්පා නොවන, “ආසහිං වාචා භාසති”. (පි. 145)

ආසභීවාචා

ඉ. ශ්‍රේෂ්ඨ වචනය, නිර්භය වචනය. (පි. 145)

ආසමාක

පු. ප්‍රාර්ථනා කරණු ලබන, බලාපොරොත්තු වනු ලබන. (පි. 145)

ආසමෙති

ක්‍රි. (ආ+සමු √ දි. උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) සංසිඳුවයි. (පි. 145)

ආසය

පු. අභිප්‍රාය+අවකාසය, ලගිනා ගෙය, වාසස්ථානය, ගෙය, සත්ත්ව සන්තානය. (පි. 145)

ආසයති

ක්‍රි. (ආ+සි √ භු. සයෙ, සයනය කිරීමෙහි +ණය+ති) හොවියි, නිදයි. (පි. 145)

ආසයපොසන

පු. අභිප්‍රාය පොෂණය කිරීම, (පි. 145)

ආසයවිපත්ති

ඉ. අභිප්‍රාය විපත්තිය. (පි. 145)

ආසයානුසය

පු. ආසය හා අනුසය. (පි. 145)

ආසයාස

පු. වහ්නිය, ගින්න. (පි. 145)

ආසයාසධිභාව

පු. ද්‍රව්‍ය-ගුණ දෙදෙනා ගේ අන්‍යොන්‍ය සම්බන්ධය, ද්‍රව්‍යය ආසය නමි, ආසධී නම් ගුණයයි. (පි. 145)

ආසව

පු. කාමාශ්‍රව, භවාශ්‍රව, දෘෂ්ට්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන සතර. පූයා, සැරව, සූරා, උපද්‍රවය. (පි. 145)

ආසවක්ඛය

පු. කාමාදී ආශ්‍රවයන් ගේ ක්ෂය කිරීම, නිවන. (පි. 145)

ආසවති

ක්‍රි. (ආ+සු √ ත. අභිස්සවෙ, වැගිරීමෙහි +ති) වැගිරෙයි, වහනය වෙයි, ගලාබසියි. (පි. 145)

ආසවනිරොධ

පු. කාමාදී ආශ්‍රවයන් ගේ නිරුද්ධිය, නිර්‍වාණය. (පි. 145)

ආසවසමුදය

න. කෙළෙසුන්ගේ හටගැන්ම, ක්ලේශොත්පත්තිය. (පි. 145)

ආසසාන

ති. බලාපොරොත්තුවෙන, ආශාවන. (පි. 145)

ආසා

ඉ. තෘෂ්ණාව, ආසාව. කැමැත්ත. (පි. 145)