සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 206
ආසඞ්ගවචන
ති. අභිරති වචනය, ආසාවෙන් යුත් වචනය. (පි. 144)
ආසඞ්ගී
ති. ඇලීම් ඇත්තා, ආශාකිරීම් ඇති. (පි. 144)
ආසඞ්ඝති
ක්රි. (ආ+සංස √ භු. පසංසනෙ, පැවසීමෙහි +ති), ප්රශංසා කරයි, පසසයි. (පි. 144)
ආසඞ්ඝා
ඉ. සුභප්රාර්ථනාව, ප්රශංසාව, පැසසීම. (පි. 144)
ආසජ්ජ
පු.ක්රි. (ආ+සද+ත්වා = ය) ළඟට පැමිණ, ගටා. (පි. 144)
ආසජ්ජති
(ආ+සජ්ජ √ භු. සජ්ජ සඞ්ගෙ. ඇලීමෙහි +ති) ගටයි. සමීපයට පැමිණෙයි. (පි. 144)
ආසජ්ජන
න. ළඟට පැමිණීම. (පි. 144)
ආසත්ත
ති. ආශක්ත, ඇලෙන ලද, ඇලුණු, ශාපකළ.
ති. ඇළුනු, තදින් ආලයකළ. (පි. 144)
ආසත්ති
ඉ. ආලය, ශස්ත්රය, ආයුධය, තෘෂ්ණාව. (පි. 144)
ආසත්තිභව
පු. භවයෙහි ඇලීම. (පි. 144)
ආසත්තිවිඝාත
න. ඇලීමක් නැතිබව, මිද්ධය. (පි. 144)
ආසති
ක්රි. (ආස √ භු. උපවෙසනෙ, හිඳීමෙහි +ති) හිඳියි, ළඟ හිඳියි. (පි. 144)
ආසද
පු. ලංවීම, ළඟ හිඳ ගැනීම. (පි. 144)
ආසන
ති. අස්න, හිඳිනා තැන, පුටු බන්කු කලාල ආදිය, හිඳීම. (පි. 144)
ආසන - අභිහාර
පු. ආසන පරිත්යාගය. (පි. 144)
ආසන - උපාගත
ති. අසුනෙහි වාඩිවූ, අසුන් ගත්, අසුන් පත්. (පි. 144)
ආසනක
පු. නොවටිනා ආසනය, නීචාසනය. (පි. 144)
ආසනපඤ්ඤාපක
පු. අසුන් පනවන්නා, ආසන පඤ්ඤාපකයා. (පි. 144)
ආසනපටික්ඛිත්ත
පු. ආසන අත්හල තැනැත්තා, ආසන ප්රතික්ෂෙපකයා. (පි. 144)
ආසනසාලා
ඉ. හිඳිනා ශාලාව, විශ්රාම ශාලාව, දන්සැල.
ඉ. අසුන් හල, හිඳින ශාලාව. (පි. 144)
ආසන්දි
ඉ. පමණ ඉකුත් දික්හඟලා පුටු, දික් හාන්සි පුටු. (පි. 144)
ආසන්දිකා
ඉ. කුඩා පුටුව, නොවටිනා පුටුව. (පි. 144)
ආසන්න
ති. සමීපය, ළඟ. (පි. 144)
ආසන්නනය
පු. ආසන්නයෙහිම සිටින්නෙකු ගෙන කීම ආසන්නනය නම් වේ. (පි. 144)