සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 205
ආවෙලිනී
ඉ. මල් හා ශීර්ෂාභරණයන් පැළඳගත් තැනැත්තී. (පි. 143)
ආවෙස
පු. යක්ෂාදීන්ගේ ආරූඪය, ආකල්පය, ආකාරය, අභිනිවෙසය. (පි. 143)
ආවෙසන
න. වෙශය, ශිල්පශාලාව, ජීවත්වන තැන, ගෙය, ශාස්ත්ර ශාලාව. (පි. 143)
ආවෙසනවිත්ථක
න. ඉඳිකටු දිදාල ආදිය තබන බඳුන, කුලාව. (පි. 144)
ආවෙසික
ති. අමුත්තා, ආගන්තුකයා. (පි. 144)
ආවෙසිත
ති. ආවෙසවන ලද, ආකාර ගත්, (පි. 144)
ආස
√ භු. උපවෙසනෙ, හිඳීමෙහි +ති අසති, හිඳියි, සමීපයෙහි හිඳියි. (පි. 144)
ආසංස
පු. බලාපොරොත්තුව, ආශාව.
පු. ප්රාර්ථනා සහිත, ආසා සහිත.
ති. ආසා සහිත, ආසා ඇති. (පි. 144)
ආසංසක
පු. ප්රාර්ථනා කරන්නා, බලාපොරොත්තු වන්නා. (පි. 145)
ආසංසති
ත්රි - (ආ+සංස. √ භු. සංසතා, බලාපොරොත්තු වීමෙහි +ති) බලාපොරොත්තු වෙයි. (පි. 144)
ආසංසන
න. ප්රාර්ථනාව, ආසිංසනය. (පි. 145)
ආසංසනීය
පු. ප්රාර්ථනා කටයුතු. (පි. 145)
ආසංසමාන
ති. ප්රාර්ථනා කිරීම් සහිත, බලාපොරොත්තුවනු ලබන. (පි. 145)
ආසංසා
ඉ. කැමැත්ත, ආශාව, බලාපොරොත්තුව. (පි. 144)
ආසංසුක
ති. බලාපොරොත්තු ඇති, ආශා ඇති. (පි. 144)
ආසංසුකි
ති. ආසංසක බලනු. (පි. 145)
ආසක
ති. කෑම ඇති, ආහාර සහිත. (පි. 144)
ආසකත්ත
න. ආහාර සහිත බව, කෑම ඇති බව. (පි. 144)
ආසඞ්කනීය
ති. සැක කටයුතු. (පි. 144)
ආසඞ්කා
ඉ. එකක් නිශ්චයකරගත නොහැකිවීම, සැකය. (පි. 144)
ආසඞ්කිත
ති. සැකකළ, නිශ්චය නොකළ, මුල පටන් සැක කළ. (පි. 144)
ආසඞ්කිතපරිසඞ්කිත
ති. සැක කළ, විශේෂයෙන් සැක කළ. (පි. 144)
ආසඞ්කී
ති. සඞ්කා ඇති, සැක ඇත්තා. (පි. 144)
ආසඞ්ග
පු. ඇලීම, ආසා කිරීම. (පි. 144)