සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 204
ආවුසො
ආ - සමානයින්ට ආමන්ත්රණය කිරීමෙහි පවත්නා ශාසනික ව්යවහාරයක්, ඇවැත්නි, පින්වත, ආයුෂ්මත, “ආවුසො ආනන්ද ඉමං සුත්තං කත්ථ භාසිතන්ති.” (පි. 143)
ආවෙග
මහත් වේගය. (පි. 143)
ආවෙඨන
න. වෙළීම, එතීම. (පි. 143)
ආවෙඨනනිබ්බෙඨන
න. උඩට සහ පහලට වෙළීම. (පි. 143)
ආවෙඨිත
ති. වෙළන ලද, ඔතන ලද. (පි. 143)
ආවෙඨිය
පු.ක්රි. වෙළා, ඔතා. (පි. 143)
ආවෙඨෙති
ක්රි. (ආ+වෙඨ √ චු. වෙඨනෙ, වෙළීමෙහි +ණෙ+ති) වෙළයි, ඔතයි. (පි. 143)
ආවෙණි
ඉ. පරම්පරාව. (පි. 143)
ආවෙණික
ති. පරම්පරානුගත, තම කුල ගොත්රයට අයිති. (පි. 143)
ආවෙණිකභාව
කුල ගොත්රයට අයිති බව, පරම්පරානුගත භාවය. (පි. 143)
ආවෙණිය
පු. ආවෙණික බලනු. (පි. 143)
ආවෙණිසඞ්ඝකම්ම
පු. පරම්පරාවෙන් පැවත එනු ලබන සඞ්ඝ කර්මයන්. (පි. 143)
ආවෙදනීය
ති. දැන්වියයුතු, හැඟවියයුතු. (පි. 143)
ආවෙදිත
ති. දන්වන ලද, හඟවන ලද. (පි. 143)
ආවෙධ
පු. විදීම. (පි. 143)
ආවෙධති
ක්රි. (ආ+විධ √ භු. වෙධනෙ, විදීමෙහි +ති) විදියි. (පි. 143)
ආවෙධික
පු. විදින්නා. (පි. 143)
ආවෙධිකනිබ්බෙධික
පු. ආවෙධික බලනු. (පි. 143)
ආවෙධිත
ති. විදින ලද. (පි. 143)
ආවෙනි
ඉ. ආවෙණි බලනු. (පි. 143)
ආවෙල(ළ)
පු. මුදුන් මල්කඩ, ශීර්ෂාවරණය. (පි. 143)
ආවෙලපිලන්ධන
පු. ශීර්ෂාවරණ පැලඳීම. (පි. 143)
ආවෙලිත
ති. වෙළන ලද, ඔතන ලද. (පි. 143)
ආවෙලිතසිඞ්ගික
ති. වෙළනලද අං ඇති, සරසනලද අං ඇති. (පි. 143)