සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 203
ආවි
අ. ප්රාදුර්භාවයෙහි, ඉදිරිපිට, සම්මුඛයෙහි. (පි. 142)
ආවිකම්ම
ති. පැහැදිලි කිරීම, පහළ කිරීම, (පි. 143)
ආවිකරොති
ක්රි. (ආ+වි+කර. √ ත. කරණෙ, කිරීමෙහි +ති) පහළ කරයි, ප්රකාශ කරයි. (පි. 143)
ආවිකාතබ්බා
ති. පැවසිය යුතුය, කිව යුතුය, “සන්තී ආපත්ති ආවිකාතබ්බා” (පි. 143)
ආවිජ්ඣති
ක්රි. (ආ+විද √ දි. විජ්ඣනෙ, විදීමෙහි +ති) විදියි, දෙපළුකරයි. (පි. 142)
ආවිජ්ඣන
න. විදීම. (පි. 143)
ආවිජ්ඣනක
පු. විඳින්නා, හිදිවිදින කටුව. (පි. 143)
ආවිඤ්ජන
න. එල්ලීම, තමා ළඟට ඇදීම, වෙතට ඇදීම. (පි. 143)
ආවිඤ්ජනරජ්ජු
න. එල්ලෙන රෑන, (පි. 143)
ආවිට්ඨ
ති. අමනුෂ්යාදීන් විසින් ආවෙසවන ලද, වාසයකළ. (පි. 142)
ආවිද්ධ
ති. දමන ලද, හෙලනලද, විදිනලද. (පි. 143)
ආවිභාව
පු. ප්රකාශය, වැසුම්හැරීම, ප්රකටවීම. (පි. 143)
ආවිල
ති. මලිනජලය, කැලඹීම, චංචලය, ප්රසන්න නොවන, නොපැහැදිලි. (පි. 143)
ආවිලත්ත
න. කැලඹුනු සිත, චංචල සිත.
න. කැලඹීම් බව, චංචල භාවය. (පි. 143)
ආවිවාරහො
අ. සම්මුඛයෙහි හෝ අසම්මුඛයෙහි (රහසිගතව). (පි. 143)
ආවිසති
ක්රි. (ආ+විස. √ භු. පවෙසෙ, ප්රවේශ වීමෙහි +ති), ප්රවේශ වෙයි, ඇතුළත් වෙයි. (පි. 143)
ආවුක
පු. (ආ+අව √ රක්ඛනෙ, රැකිමෙහි +ණුක) රක්ෂාකරන්නා. (පි. 143)
ආවුණති
ක්රි. (ආ+වා. √ යු. සංවරණෙ, ආවරණයෙ+උණ+ති) සංවරණය කරයි. (පි. 143)
ආවුත
ති. අමුණනලද, වටකළ. (පි. 143)
ආවුත්ථ
ති. (අ+වස. √ ත. ප්රත්යයට උත්ථා දෙසයි) වාසය කළ. විසූ, “ඉදං හිතං ජේතවනං ඉසි සඞ්ඝනිසෙවිතං ආවුත්ථං ධම්මරාජෙන පිතිසංජනනංමම” (පි. 143)
ආවුධ
පු. ආයුධය, ශස්ත්රය. (පි. 143)
ආවුධහත්ථ
ති. ආවුධගත් අත් ඇති. (පි. 143)
ආවුය්හන
න. ඉසිලීම, උසුලාගණ යාම. (පි. 143)
ආවුය්හමාන
ති. ජලවේගයෙන් ගෙනයනු ලැබීම. (පි. 143)