සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 567

පකම්පිත

ති. කම්පාකළ, චලනයකළ. (පි. 346)

පකරණ

න. ප්‍රකරණය, ග්‍රන්ථය, විශිෂ්ඨ ක්‍රියාව. (පි. 346)

පකරොති

ක්‍රි. √ භු. කර, කරණෙ, කිරීමෙහි, (ප+කර+නොත) කෙරෙයි. (පි. 346)

පක්ක

පු. න. අල, විනාසෝතමුඛ වස්තු, මුහුකළ, පැහිච්ච.
√ භු. නීච ගතියං, හීන ගමනයෙහි, පක්කති, පහත්වෙයි. (පි. 347)

පක්කක

පු. පක්ෂයට අයත්, පාක්ෂික. (පි. 347)

පක්කට්ටිත

පු. කකියවනලද, උනුකළ. (පි. 346)

පක්කට්ඨ

පු. කකියවනලද, උණුකළ, රත්කළ. (පි. 347)

පක්කති

ක්‍රි. (√ භු. පක්ක, නීචගතියං, හීන ගමනෙහි +ති) පහත්ව යෙයි. (පි. 346)

පක්කන්ත

ති. බැහැර ගිය, ඉවත්ව ගිය. (පි. 346)

පක්කන්තති

ක්‍රි. (ප+කන්ත+ති) හඬයි, අඬයි. (පි. 347)

පක්කන්ධන

න. හැරයාම, උඩින් පැන යාම. (පි. 347)

පක්කමති

ක්‍රි. (√ භු. කමු, පද වික්ඛෙපෙ, යෑමෙහි +ති) (ප+කම+ති) යෙ. (පි. 347)

පක්කමන

න. ගමන යාම. (පි. 347)

පක්කමො

පු. උපක්‍රමය. (පි. 347)

පක්කව

න. බෙහෙත් පැලෑටි වර්‍ගයක්. (පි. 347)

පක්කුල

ති. අවුල්වුනු. (පි. 347)

පක්කොසති

ක්‍රි. (√ භු. කුස, ආව්හානෙ, කැඳවීමෙහි +ති) (ප+කුස+ති) කැඳවයි, අමතයි. (පි. 347)

පක්කොසන

න. කැඳවීම, ආමන්ත්‍රණය කිරීම. (පි. 347)

පක්කොසිත

ති. කැඳවනලද, ආමන්ත්‍රණය කළ. (පි. 347)

පක්ඛ

පු. ශුක්ල, කෘෂ්ණ, පක්ෂ, සඞ්ඛ්‍යත මාසාර්‍ධකාලය, සේනාව, සිද්ධකටයුත්ත, යහළු, පියාපත්, පිළාපර්ස්වය, පැත්ත, කෙස කලාපය. (පි. 347)

පක්ඛන්ත

පු. බැහැරගිය, ඉවත්වගිය. (පි. 347)

පක්ඛන්දක

පු. පනින්නා. (පි. 347)

පක්ඛන්දති

ක්‍රි. (√ භු. ඛදි, පක්ඛන්දනෙ, ඇඳීමෙහි +ති) පනියි. (පි. 347)

පක්ඛන්දන

න. පැනීම, ඇදීම. (පි. 347)