සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 422

ගජ්ජ

√ භු. ශබ්දකිරීමෙහි, ගජ්ජති, ශබ්ද කෙරෙයි, ගර්‍ජනා කෙරෙයි, ගොරවයි. (පි. 270)

ගජ්ජති

ක්‍රි. (√ භු. ගජ්ජ-සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) (ගජ්ජ+ති) ගොරවයි, ගර්‍ජනා කරයි. (පි. 270)

ගජ්ජන

න. ගර්‍ජනාව, ගෙරවීම. (පි. 270)

ගජ්ජිත

ති. ගර්‍ජනා කළ, ගුගුල.
පු. මතැතා, මත්තහස්තියා.
න. මෙඝනාදය, ගොරවනලද. (පි. 270)

ගජාසන

න. ඇතුන්ගේ ආහාරය, ඇසටුගස. (පි. 270)

ගඩ

√ භු. සෙවනයෙහි, ගඩති, වැගිරෙයි, ඉසියි. (පි. 270)

ගඩ්

√ භු. රැස්කිරීමෙහි, ගණ්ඩති, රැස් කෙරෙයි. (පි. 270)

ගඩි

√ භු. මුහුණේ එක් පැත්තක්. (පි. 270)

ගණ

√ චු. සංකලනයෙහි, ගණෙති, ගණයති, ගණන් කරයි.
√ භු. යාමෙහි, ගණති, යෙයි.
පු. භික්ෂු විශේෂයක්, තුන්නමක්, සමූහය. (පි. 270)

ගණක

පු. ගණින්නා, ගණන් කරන්නා, නැකැත්තා. (පි. 270)

ගණන

නැ-ගැණීම, සඞ්ඛ්‍යාව. (පි. 270)

ගණ්ඨි

පු. පුරුක, ගැටය.
ඉ. පයමල. (පි. 270)

ගණ්ඨිකා

ඉ. ගැටය. (පි. 270)

ගණ්ඨිත

ති. ගොතන ලද, ගෙතූ. (පි. 270)

ගණ්ඨිපාස

පු. පයමල, භික්ෂූන්ගේ සිවුරුවල, ගණ්ඨිය අමුණන පාසය=පුඩුව. (පි. 270)

ගණ්ඨිල

පු. කිලිල. (පි. 270)

ගණ්ඩ

පු. ගඩ=පොල, කපෝලය, ගිජුලිහිණියා. (පි. 270)

ගණ්ඩක

පු. කඟවේණා, මත්ස්‍ය විශේෂයක්. (පි. 270)

ගණ්ඩබ්බ

න. එනම් අඹගස, මේ අඹගස යටදී බුදුන්වහන්සේ යමක ප්‍රාතිහාර්‍ය්‍ය පෑ‍සේක. ගණ්ඩබ්බ රුක්ඛමූලෙ යමක පටි හාරියං කරිත්වා. (පි. 270)

ගණ්ඩාලි

ඉ. සුදුහීතණ. (පි. 270)

ගණ්ඩි

පු. ගඩු ඇත්තා. (පි. 270)

ගණ්ඩිකා

ඉ. ගැටය. (පි. 270)

ගණ්ඩුප්පාද

පු. ගැඩවිලා, ගැඩවිල් පණුවා. (පි. 270)

ගණ්ඩුස

න. (බත්) කටක්. (පි. 270)