සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 423

ගණ්ඩූල

පු. කුදා. (පි. 270)

ගණ්හණ

න. ගැනීම, ග්‍රහණය. (පි. 270)

ගණ්හති, ගණ්හාති

ක්‍රි. (√ භු. ගහ-උපාදානෙ+ති) ගනී, ග්‍රහණය කරයි. (පි. 270)

ගණාචරිය

පු. ගණාචාර්‍ය්‍ය, සමූහයාගේ ආචාර්‍ය්‍යයා. (පි. 270)

ගණි

ඉ. සමූහ ඇත්තා.
පු. ගොණා, ගණයා ඇති. (පි. 270)

ගණික

පු. ගොණා. (පි. 270)

ගණිකා

ඉ. වෙසඟන, සීනිද්ද. (පි. 270)

ගණිකාරිකා

ඉ. මිදි, මුද්දික. (පි. 270)

ගණිත

ති. පරිමිත, ගණනලද. (පි. 270)

ගණෙති

ක්‍රි. (ගණ+ණෙ+ති) ගණන් කෙරෙයි. (පි. 271)

ගත

ඉ. ගමන, ගිය. (පි. 271)

ගතක

පු. දූතයා, පණිවිඩ ගෙනයන්නා. (පි. 271)

ගත්ත

න. ගාත්‍රය, ශරීරය. (පි. 271)

ගති

ඉ. යෑම, පිටත යෑම.
ඉ. භව විශේෂය, භවය, ප්‍රතිෂ්ඨාව, නිෂ්ඨාව, අභිප්‍රාය, නුවණ, වාසස්ථානය, ගමන, විසදභාවය. (පි. 271)

ගතික

ති. ගති ඇත්තා. (පි. 271)

ගථිත

ති. ගැටගසනලද, ගොතනලද. (පි. 271)

ගද

පු. රෝගය, ව්‍යාධිය.
√ භු. වියත් හ‍ඬෙහි, ගදති, බෙණෙයි.
√ චු. මේඝ ශබ්දයෙහි, ගදෙති, ගදයති, ශබ්දකරයි, ගොරවයි. (පි. 271)

ගදදූහන

න. අවකාශය හා කාලය මනින කුඩා මිම්මක්. (පි. 271)

ගද්ද

√ භු. ශබ්දකිරීමෙහි, ගද්දති, ශබ්දකරයි. (පි. 271)

ගද්දභණ්ඩ

පු. තෙලසාටු, තෙල් ඇසටු. (පි. 271)

ගද්දල

පු. බලුදම, බල්ලන්බඳින යොත. (පි. 271)

ගද්ධ

පු. ගිජු ලිහිණියා.
චු. කැමතිවීමෙහි, ගද්ධෙති ගද්ධයති, කැමති වෙයි. (පි. 271)

ගද්‍රභ

පු. කොටලුවා. (පි. 271)

ගදා

ඉ. එනම් ආයුධය, වෙසමුණි රජුගේ එනම් යගදාව. (පි. 271)