සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 421
ඛොණ්ඩෙති
ක්රි. (ඛොණ්ඩ+ණෙ+ති) අනුභව කරයි. (පි. 269)
ඛොද
√ භු. නැසීමෙහි, ඛොදති, නසයි. (පි. 269)
ඛොභ
පු. ක්ෂොභය, කම්පාව, ඇලලීයාම. (පි. 269)
ඛොම
න. කොමුපිලි, කොමු නූලින් කළ වස්ත්ර. (පි. 269)
ඛොල
√ භු. ගමන් වැළකීමෙහි, ඛොලති, ගමන්වලකී. (පි. 269)
ගගන
න. අහස, ආකාසය. (පි. 270)
ගගනතල
න. අහස, අහස්තලය. (පි. 270)
ගග්ගර
න. උගුර, දිය සුළිය. (පි. 269)
ගග්ගරා
ඉ. එනම් පොකුණ. (පි. 269)
ගග්ගරී
ඉ. මෝරු අළලන (කලතන) භාජනය. කඹුරු සම, කඹුරු උදුනේ නලය. (පි. 269)
ගග්ඝ
√ භු. සිනාවෙහි, ගග්ඝති, සිනාවෙයි. (පි. 269)
ගග්ඝති
ක්රි. √ භු. ගග්ඝ-හසනෙ, සිනාසීමෙහි +ති) ගග්ඝ+ති) සිනාවෙයි. (පි. 269)
ගඞ්ග්යෙය
න. දස ඇත්කුලයෙන් එනම් ඇත් කුලය. (පි. 270)
ගඞ්ගා
ඉ. එනම් මහා නදිය, අහස්ගඟ. (පි. 270)
ගඞ්ගාධර
පු. ඊශ්වරයා, ඊශ්වර ජටාවෙන් ආකාශ ගඞ්ගාව ගලා බසී යනු මතයෙකි. (පි. 270)
ගඞ්ගෙරුකි
ඉ. කෑලිය, සිරිවැඩි බැවිල. (පි. 274)
ගච්ඡ
පු. කුඩාගස්, පැලෑටි, යව, ගමනය කරව යනාදි අර්ථ ඇති මධ්යම පුරුෂ ඒක වචන ක්රියාවක්. (පි. 270)
ගච්ඡති
ක්රි. √ භු. ගමු=ගතියං, යාමෙහි, (ගමු=ච්ඡ+ති) යෙයි, ගමන් කෙරෙයි. (පි. 270)
ගච්ඡන්ත
පු. යන්නා, යන තැනැත්තා. (පි. 270)
ගජ
√ භු. ශබ්දයෙහි, ගජති, ශබ්දකෙරෙයි.
√ චු. මැඩීමෙහි, ශබ්දයෙහි, ගජෙති, ගජයති, මඩියි, ශබ්දකරයි.
පු. ඇතා, අලියා. (පි. 270)
ගජකත්ථාරණ
න. ඇත්සැට්ටය. (පි. 270)
ගජතා
ඉ. ඇත්සමූහය. (පි. 270)
ගජති
ක්රි. √ භු. ගජ-සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) (ගජ+ති) ශ්බදකරයි. (පි. 270)
ගජබල
පු. සිංහයා, හස්තිබලය. (පි. 270)