සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 214

ඉංඝ

පු. ඉඞ්ඝ බලනු. (පි. 149)

ඉක්ක

පු. වලසා, වලහා. (පි. 149)

ඉක්කාස

පු. ගස් මැලියම්, ලාටු, “අනුජානාමි භික්ඛවෙ ඉක්කාසං කාසාවන්ති.” (පි. 149)

ඉක්ඛ

ක්‍රි. (ඉක්ඛ √ භු. දිස්සනඞ්කෙසු, දැනීමෙහි-සලකුණු කිරීමෙහි) ඉක්ඛති උපෙක්ඛති බලයි. (පි. 149)

ඉක්ඛණ

න. (ඉක්ඛ. √ +යු = අන) බැලීම, නිරීක්ෂණය, දර්‍ශනය. (පි. 149)

ඉක්ඛණිකා

ඉ. යක්දෙස්සී, නිමිති කියන්නී. එසා ඉත්ථි ඉමස්මිං. රාජගහෙ ඉක්ඛනිකා අහොසි. (පි. 149)

ඉක්ඛති

ක්‍රි. (ඉක්ඛ √ භු. දස්සනෙ, දැකීමෙහි +ති) බලයි, දකියි. (පි. 149)

ඉක්ඛිත

ති. දක්නාලද, බලනලද, නිරීක්ෂණය කරන ලද. (පි. 149)

ඉඛ

(√ භු. ගතියං, ගමන්හි) එඛති, යෙයි. (පි. 149)

ඉඛි

(√ භු. ගතියං, යාමෙහි) ඉඞ්ඛති, යෙයි. (පි. 149)

ඉග

(√ භු. ගතියං, ගමන්හි) ඉඞ්ගති යෙයි. (පි. 149)

ඉඞ්ග

(√ භු. ගතියං, ගමන්හි) ඉඞ්ගති යෙයි.
පු. ඉඟිය, ඉඟි කිරීම, අදහස් අඟවන අක්ෂිනාසාදි කාය විකාරය. (පි. 149)

ඉඞ්ගති

ක්‍රි. (ඉඞ්ග. √ භු. ගතියං, යාමෙහි +ති) ඉඞ්ගති, යෙයි. (පි. 149)

ඉඞ්ගාල

පු. අඟුරුවල, අඞ්ගාර කාසු, (පි. 149)

ඉඞ්ගිත

න. ඉඟිය, ඉඟි මැරීමේ ලකුණ. (පි. 149)

ඉඞ්ගුදී

ඉ. වැලඟුණ. (පි. 149)

ඉඞ්ඝ

අ. නියොගයෙහි, එකාන්ත භාවයෙහි, චෝදනා වෙහි, බැවින් යනාදී අරුත්හි, “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද පානීයං ආහර පිවිස්සාමි.” (පි. 149)

ඉඞ්ඝාල

න. අඟුරු, ගිනි පුපුරු. (පි. 149)

ඉඞ්ඝෙ

අ. එසේ නම්, (පි. 149)

ඉච

(√ භු. ථුතියං ස්තුතියෙහි) ඉචති, ස්තුති කරයි. (පි. 149)

ඉච්චෙතං

අ. (ඉති+එතං) එසේ නම්. (පි. 149)

ඉච්චෙවං

අ. (ඉති+එවං) මෙසේ, මෙපරිද්දෙන්. (පි. 149)

ඉච්ඡ

පු. කැමැත්ත, ආශාව, තෘෂ්ණාව. (පි. 149)

ඉච්ඡක

පු. ආසා ඇත්තා, කැමැත්ත ඇත්තා. (පි. 149)