සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 215
ඉච්ඡතා
ක්රි. කැමැතිබව, ආශාබව, (පි. 149)
ඉච්ඡති
ක්රි. (ඉසු √ භු. ඉච්ඡායං, කැමතිවීමෙහි ච්ඡ+ති) කැමැති වෙයි, ආසා කරයි. (පි. 149)
ඉච්ඡන
න. කැමැත්ත, ආශාව, තෘෂ්ණාව. (පි. 149)
ඉච්ඡා
ඉ. ආශාව, කැමැත්ත, තෘෂ්ණාව. (පි. 149)
ඉච්ඡාගත
ති. කැමතිවන්නා, ආසා ඇත්තා, තෘෂ්ණා ඇත්තා. (පි. 149)
ඉච්ඡාපකත
ති. කැමතිසේ කළ, ආශා පරිදි කළ. (පි. 149)
ඉච්ඡාවතිණ්ණ
පු. කැමති සේ අවතීර්ණවූ, කැමැතිසේ බට, පු. ලෝභයෙන් දිනූ. (පි. 150)
ඉච්ඡාවතී
ඉ. කැමති ඇත්තී, මෙවුන්දමට ආශා ඇත්තී. (පි. 150)
ඉච්ඡාවිචාර
න. කැමතිසේ හැසිරීම. (පි. 150)
ඉච්ඡාවිනය
පු. කැමැතිසේ හික්මීම. තෘෂ්ණා විනය, ආශාව මැඩලීම. (පි. 150)
ඉච්ඡාවිප්ඵාත
න. කැමැත්ත විනාශවීම, කැමති දෙය නොලැබීමෙන් වන දුක. (පි. 150)
ඉච්ඡිත
ති. කැමතිවන ලද, ආසා කරන ලද, මෙය කර්ම කාරක ප්රභේදයකි. “බුද්ධං නමස්සති” යන නමස්ක්රියාව හා බුද්ධ පදාර්ථය සම්බන්ධ කරණ කර්තෘ තමාට අභිමත හෙයින්ම එසේ කෙරේනුයි ඒ බුද්ධ පදාර්ථය ඉච්ඡිත කර්මය නම් වේ. (පි. 150)
ඉච්ඡිතානිච්ඡිත
න. ඊප්සිත අනීප්සිතකර්මය, “ගාමං ගච්ඡන්තො රුක්ඛමූල මුපසඞ්කමති” මෙහි ගමට යෑම කර්තෘ විසින් කැමතිවන ලද බැවින් “ගාමං” යනු ඉච්ඡිත කර්මයි. ගසමුලට එළඹීම අනියමින් සිදුවීමක් බැවින්ද එය කර්තෘ විසින් කැමතිවන ලද දෙයක් නොවන බැවින් “රුක්ඛමූලං” යනු අනිච්ඡිත කර්මයි. (පි. 150)
ඉජ්ජ
යජ √ භු. දෙවපූජා සඞ්ගති කරණ දාන ධම්මෙසු, යජති, පූජා කරයි. යදියි. (පි. 150)
ඉජ්ජතෙ
ක්රි. (යජ. √ භු. දෙවපූජා සඞ්ගති කරණ දාන ධම්මෙසු, දෙවපූජාවෙහි +තෙ) යදිනු ලැබේ, පුදනු ලැබේ. (පි. 150)
ඉජ්ඣති
ක්රි. (ඉධ √ දි. සංසිද්ධිවුද්ධීසු සිදුවීමෙහි, වැඩීමෙහි, ජ්ඣ x ති) සිදු වෙයි, වැඩෙයි. සමෘද්ධවෙයි. (පි. 150)
ඉජ්ඣන
න. සිදුවීම, ඉටුවීම, සමෘද්ධවීම. (පි. 150)
ඉජ්ඣිත
ති. සිදුවනලද, ඉටුවනලද, (පි. 150)
ඉජි
(√ භු. කම්පනෙ, කම්පනයෙහි) ඉඤ්ජති, කම්පාවෙයි. (පි. 150)
ඉඤ්ජ
(ඉඤ්ජ √ භු. කම්පනෙ, කම්පා වීමෙහි) ඉඤ්ජති, කම්පාවෙයි. (පි. 150)
ඉඤ්ජති
ක්රි. (ඉඤ්ජ. √ භු. කම්පනෙ කම්පා වීමෙහි +ති) කම්පාවෙයි. සැලෙයි. (පි. 150)
ඉඤ්ජන
න. සෙලවීම, චලනය, කම්පනය. (පි. 150)
ඉඤ්ජිත
ති. කම්පාවන ලද, චලනයවන ලද, (පි. 150)
ඉඤ්ජිතත්ත
න. කම්පිත ස්වභාවය, චලිත ස්වභාවය, සෙල්වෙන ගතිය. (පි. 150)