සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 216

ඉට

(√ භු. ගමනා, යාමෙහි) ඉටති, එටති, යෙයි, ගමනය කරයි. (පි. 151)

ඉට්ඨ

ති. අභිලාෂය, කැමැත්ත, ප්‍රිය වස්තු, යහපත්. (පි. 150)

ඉට්ඨකා

ඉ. උළු, ගඩොල්. (පි. 150)

ඉට්ඨකාකුඩ්ඪ

න. ගඩොලින් තැනූ පවුර, උළු පවුර. (පි. 150)

ඉට්ඨකාගුහා

ඉ. ගඩොලින් තැනූ ගුහාව, උළින් තැනූ ගුහාව. (පි. 150)

ඉට්ඨකාචය

න. ගඩොල් බැම්ම, උළු බැම්ම. තුන් බැම්මෙන් එකක්, අනුජානාමි භික්ඛවෙ තයො චයෙ ඉට්ඨකාචයං සිලාචයං දාරුචයන්ති.” (පි. 150)

ඉට්ඨකාචුණ්ණ

න. ගඩොල් කුඩු, උළුසුණු. (පි. 150)

ඉට්ඨකාඡදන

ගඩොල්වලින් කළ පියස්ස, උළුවලින් කළ ඡාදනය පඤ්චවිධ ඡදනයන්ගෙන් එකක්. (පි. 150)

ඉට්ඨකාපාකාර

න. ගඩොල්වලින් කළ පවුර. (පි. 150)

ඉට්ඨකාසන්ථාර

න. ගඩොල් ඇතිරීම, ගඩොල් අතුරා කළ බිම. (පි. 150)

ඉට්ඨකාසොපාණ

න. ගඩොල් පඩිපෙල, ගඩොල්වලින් තැනූ හිණිමග, ත්‍රිවිධ සොපාණයන්ගෙන් එකක්. (පි. 150)

ඉට්ඨගන්ධ

පු. සුවඳ, යහපත් ගඳ, සුරභිගන්ධය. (පි. 150)

ඉට්ඨදෙවතා

ඉ. ඉටු දෙවියා, ඉෂ්ටදේවතාවා, (පි. 150)

ඉට්ඨප්පසිද්ධ

ඉ. අභිමත කාර්‍ය්‍ය සිද්ධිය කැමැති කටයුතු සිදුවීම. (පි. 150)

ඉට්ඨවිපාක

පු. යහපත් විපාකය, මිහිරි විපාකය. (පි. 150)

ඉට්ඨස්සාසංසන

න. ඉෂ්ට වස්තු පැතීම, කැමති දේ පැතීම. (පි. 150)

ඉට්ඨස්සාසිංසන

න. ඉෂ්ට වස්තු ප්‍රාර්ථනාව, කැමති දේ පැතීම. (පි. 150)

ඉට්ඨාභ්‍යාස

පු. යහපත් ගතිගුණ පුරුදුකිරීම. (පි. 151)

ඉට්ඨාරම්මණ

න. යහපත් අරමුණ, ඉටු අරමුණ. (පි. 151)

ඉට්ඨාසංසන

න. ඉෂ්ට වස්තූන්ගේ පැතීම, ඉටුදේ පැතීම (පි. 151)

ඉට්ඨි

ඉ. ආශාව, කැමැත්ත, (පි. 151)

ඉණ

(√ භු. ගතෙ, යාමෙහි) ඉණෙති යෙයි.
න. ණය, ඍණය. (පි. 151)

ඉණක්ඛෙප

පු. ණය ගෙවීම, ඍණ උද්ධරණය. (පි. 151)

ඉණගාහක

පු. ණය ගන්නා, ණය ගැතියා. (පි. 151)