සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 217
ඉණට්ඨ
පු. ණය ගැනීමෙන් පීඩිතයා, ණය ගැතියා. (පි. 151)
ඉණදායක
පු. ණය දෙන්නා, ණය දායකයා. (පි. 151)
ඉණපන්න
න. ණය ඔප්පුව, ප්රොමිසරි නෝට්ටුව. (පි. 151)
ඉණපරිභොග
පු. ඍණ පරිභොගය, ණයට කෑම, සිව්පසය ප්රත්යවෙක්ෂා නොකොට වැළඳීම, “අප්ච්චවෙක්ඛිත පරිභොගො ඉණපරිභොගො නාම.” (පි. 151)
ඉණපළිබොධ
පු. ණය පිළිබඳ දෝෂය, පැවිද්දට බාධා කරුණක්. (පි. 151)
ඉණමොක්ඛ
පු. ණයෙන් මිදුනු තැනැත්තා. (පි. 151)
ඉණසාත
ති. ණයෙන් වෙලෙන ලද. (පි. 151)
ඉණසාධක
පු. ණය ගණුදෙනු ඇතිකර දෙන්නා. (පි. 151)
ඉණසාමිකා
පු. ණය හිමියෝ, ණය අයිති අය. (පි. 151)
ඉණාපගම
පු. ණයෙන් නිදහස් වීම. (පි. 151)
ඉණායක
පු. ණය දෙන්නා, ණය හිමියා. (පි. 151)
ඉණායික
පු. ණය දෙන්නා, ණය හිමියා, ණය ගැතියා. (පි. 151)
ඉණු
(√ ත. ගතියං, යාමෙහි) ඉණෙති, යෙයි. (පි. 151)
ඉණොති
ක්රි. (ඉණු. √ ත. ගතියං, යාමෙහි +ඔ+ති) යෙයි. (පි. 151)
ඉත
ති. ගිය, ගමනය කළ. (පි. 151)
ඉතර
ති. අන්ය, අනික. නීච, පහත්, වැඩිපුර. (පි. 151)
ඉතරත්ථ
අ. එහි, එහිවූ. (පි. 151)
ඉතරත්ර
අ. අනික්, අනික. (පි. 151)
ඉතරථා
අ. අන්ය ප්රකාරය, අන් අයුර. (පි. 151)
ඉතරාය
ති. අනිකක් සඳහා. (පි. 151)
ඉතරීතර
ති. (ඉතර+ඉතර) අනික් අනික්, යම් යම්. (පි. 151)
ඉතරීතරචීවර
න. රූක්ෂවූ හෝ ප්රාණීත හෝ වශයෙන් වෙනසක් නැතිව ලැබුණු සිවුරක්. “ඉතරීතර චීවර සන්තුට්ඨියාති යෙන කෙනචි චීවරෙන සන්තුට්ඨිතා” (පි. 151)
ඉතරීතරපච්චය
පු. අනික් අනික් ප්රත්යය. (පි. 151)
ඉතරීතරපිණ්ඩපාත
න. පිඩු පිණිස ලැබුණු මිහිරි හෝ අමිහිරි වූ යම් ආහාරයක්. (පි. 151)