සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 218

ඉතරීතරයොග

පු. අවයව ප්‍රධාන බැවින් ද්වන්ද සමාසය ඉතරීතර යොග යයි කියනු ලැබේ. (පි. 151)

ඉතරීතරසෙනාසන

සුවදායක හෝ එසේ නොවූ යම්කිසි සෙනසුනක්, සොළොස්වැදෑරුම් සෙනසුන්වලින් එකක්. (පි. 151)

ඉත්තර

ති. ලාමක දෙය, ස්වල්පය, ටික, අනිත්‍යය, “සුපිනුපමා කාමා ඉත්තර පච්චුපට්ඨානෙන.” (පි. 152)

ඉත්තරකාල

පු. ස්වල්ප කාලය, ටික කාලය. (පි. 152)

ඉත්තරතා

ඉ. වෙනස්විය හැකි බව. (පි. 152)

ඉත්තරසත්ත

පු. ලාමක සතෙක්, පහත් අදහස් ඇති කෙනෙක්. (පි. 152)

ඉත්ථං

අ. නිදර්‍ශනයෙහි, මෙසේ, මේ ආකාරයෙන්. (පි. 152)

ඉත්ථං නාම

පු. මෙසේ නමකින් යුක්ත වීම, මෙනම් වූ, මෙබඳු නමක් ඇති. (පි. 152)

ඉත්ථං භාව

පු. මෙසේ වීම, මේ ආකාරයෙන් වීම. (පි. 152)

ඉත්ථත්ත

ති. මේ බව, මේ ආකාර භාවය, ස්ත්‍රී භාවය. (පි. 152)

ඉත්ථභාව

පු. මේ බව, මේ ජාතිය, මේ සක්වල. (පි. 152)

ඉත්ථමභූත

පු. කිසි විපරීතයකට පැමිණිම, මෙපරිද්දෙන් වීම. (පි. 152)

ඉත්ථාගාර

න. අන්තඃපුරය, රාජ මෙහෙසියන්ගේ වාසස්ථානය, ඔරොධය, “රාජා ච මෙ මාගධො සෙනියො බිම්බිසා බිම්බිසාරො උපට්ඨාතබ්බො, ඉත්ථා ගාරං ච බුද්ධ පමුඛෝ ව. සංඝො” (පි. 152)

ඉත්ථි

ඉ. ස්ත්‍රිය, කාන්තාව, අඞ්ගනාව
ඉ. ස්ත්‍රිය, ගැහැණිය, අංගනාව, බබලතා. (පි. 152)

ඉත්ථි අත්තභාව

පු. ගැහැණු අත්බැව්, ස්ත්‍රි ආත්ම භාවය. (පි. 152)

ඉත්ථි අධිප්පාය

පු. ගැහැණුන් පිළිබඳ අදහස් ඇති, එබඳු තැනැත්තා, “පුරිසො භික්ඛවේ ඉත්ථාධිප්පායො අප්පාරත්තියා ස සුපති බහුං ජග්ගති.” (පි. 152)

ඉත්ථි අන්තර

(ඉත්ථි+අන්තර=ඉත්ථ්‍යන්තර), රියදුරු ගැහැණියක ඇති, ස්ත්‍රි සාරතියකු ඇති, “තේන ඛොපන සමයෙන ජබ්බග්ගියා භික්ඛු යානෙන යායන්ති , පුරිස යුත්තෙ න. පි ඉත්ථන්තරෙන පි.” (පි. 152)

ඉත්ථි අලඞ්කාර

න. ගැහැණු ආභරණ, හිස, කන් ආදියෙහි පළඳනා ආභරණ විශේෂයක්, ඉත්ථ්‍යලඞ්කාර. (පි. 152)

ඉත්ථි ආකප්ප

න. ස්ත්‍රී ආකල්පය, ගැහැණුන්ගේ ඇඳුම් හැඳීම් පෙරවීම් ආදිය. “ඉත්ථා කප්පන්ති නිවාසන පාරුපණාදිං ඉත්ථි ආකප්පං.” (පි. 152)

ඉත්ථි පණ්ඩක

ඉ. ස්ත්‍රී නිමිති නැති ගැහැණිය, පුරුෂ පණ්ඩකයෝද සිටිති. (පි. 153)

ඉත්ථිකථා

ඉ. ස්ත්‍රීන් පිලිබඳ කථා, ගැහැණුන් ගැන කතා. (පි. 153)

ඉත්ථිකා

ඉ. ස්ත්‍රිය, ගැහැණිය. (පි. 153)

ඉත්ථිකාම

පු. ස්ත්‍රීන් පිලිබඳ ආශාව, ගැහැණු ගැන කැමැත්ත. (පි. 153)

ඉත්ථිකාය

පු. ස්ත්‍රී ශරීරය, ගැහැණුන් පාවිච්චි කරන නහානීය සුණු ආදිය ඉත්ථිකාය නම් වේ. “ඉදං තෙ තාන සුදින්නං මාතුමත්තිකං ඉත්ථිකාය ඉත්ථි ධනං.” (පි. 152)