සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 219
ඉත්ථිකුත්ත
න. ස්ත්රී භාවය, ස්ත්රී නිමිත්ත, ගැහැණියගේ හැසිරීම. (පි. 153)
ඉත්ථිගන්ධ
පු. ස්ත්රී ගන්ධය, ගැහැණු ගඳ. (පි. 153)
ඉත්ථිඝාතක
පු. ස්ත්රීන් නසන්නා, ගැහැණුන් නසන්නා. (පි. 153)
ඉත්ථිච්ජන්ද
න. ගැහැණියගේ අදහස, කැමැත්ත. (පි. 152)
ඉත්ථිඤ්ජ
පු. යාග කරන්නා, යාග කර්තෘ. (පි. 153)
ඉත්ථිදාන
න. ගැහැණුන් දන්දීම, ස්ත්රීදානය, “පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤසම්මතානි ලොකස්මිං මජ්ජදානං - ඉත්ථිදානං උසභ දානන්ති” (පි. 152)
ඉත්ථිධන
න. ස්ත්රීන්ගේ ධනය, ගැහැණුන්ගේ ධනය. (පි. 153)
ඉත්ථිධුත්ත
පු. ස්ත්රී ධූර්තයා, ගැහැණුන් කෙරෙහි ලොල් වූ තැනැත්තා, “ඉත්ථිධුත්තො සුරාධුත්තො අක්ඛධුත්තො ච යො නරො.” (පි. 153)
ඉත්ථින්ද්රිය
න. ස්ත්රී භාවය, ස්ත්රී ලක්ෂණයන්හි පවත්නා අධිපති භාවය. (පි. 153)
ඉත්ථිනිමිත්ත
න. ස්ත්රී ලක්ෂණය, ගැහැණු නිමිත්ත. (පි. 153)
ඉත්ථිපච්චය
පු. ස්ත්රී අර්ථයෙහි යෙදෙන ප්රත්යය විශේෂය, ගැහැණුන් විසින් පරිහරණය කරණු ලබන දේ. (පි. 153)
ඉත්ථිපරිග්ගහ
පු. ස්ත්රී සමාගමය, ගැහැණු සමාගම. (පි. 153)
ඉත්ථිපුප්ඵ
න. ඔසප් වීම, මල්වර වීම (පි. 153)
ඉත්ථිඵොට්ඨබ්බ
පු. ස්ත්රී ස්පර්ශය. (පි. 153)
ඉත්ථිභාව
පු. ස්ත්රී භාවය, ස්ත්රිත්වය, ගැහැණු බව. (පි. 153)
ඉත්ථිමති
ඉ. ස්ත්රියගේ අභිප්රාය, ගැහැණියගේ අදහස. (පි. 153)
ඉත්ථිරස
පු. ස්ත්රී රසය, ගැහැණු රසය.
න. ස්ත්රී රසය, චතුසමුට්ඨානික රසායතනය. (පි. 153)
ඉත්ථිරූප
පු. ස්ත්රී රූපය, ස්ත්රී ලක්ෂණය, ගැහැණු රූ සටහන. (පි. 153)
ඉත්ථිලක්ඛණ
න. ස්ත්රී ලක්ෂණ, ගැහැණු ලකුණු. (පි. 153)
ඉත්ථිලිංග
පු. ස්ත්රී ලිංගය, ගැහැණු ගති ඇති ශබ්ද. (පි. 153)
ඉත්ථිලීළ්හ
න. ස්ත්රී ලීලා, ගැහැණුන්ගේ නෙත් කොණින් බැලීම් ආදිය. (පි. 153)
ඉත්ථිවාර
පු. ස්ත්රී වාරය, පළමු පාරාජික ශික්ෂා පදයෙහි එන 81ක් ස්ත්රීවාරය. (පි. 152)
ඉත්ථිසද්ද
පු. ස්ත්රී ශබ්දය, ගැහැණු හඬ. “නාහං භිකඛවෙ අඤ්ඤං එක සද්දම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භිකඛවෙ ඉත්ථි සද්දො” (අංගුත්තර නිකාය.) (පි. 153)
ඉත්ථිසර
න. ගැහැණු හඬ, ස්ත්රී ස්වරය. (පි. 153)