සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 220
ඉත්ථිසාරථි
ඉ. රියදුරු ගැහැණියක් ඇති, ස්ත්‍රී සාරථියෙකු ඇති. (පි. 153)
ඉත්ථිසොණ්ඩී
ඉ. සුරා පානයෙහි නිරත ස්ත්‍රිය, සුරා සොඬ ගැහැණිය. (පි. 153)
ඉත්ථෙව
අ. (ඉති+එව) මෙසේ ම. (පි. 152)
ඉති
(√ භු. බන්ධනෙ, බැඳීමෙහි) ඉන්තතෙ, බඳියි.
අ. හේතු, ප්‍රකාර, ආද්යාර්ථ, අවධාරණ, නිදර්ශන, පදාර්ථ විපර්‍ය්‍යාස, පරිසමාප්ති යන මෙහි. (පි. 151)
ඉති එව
අ. මෙසේ ම, ඇත්තෙන් ම. (පි. 151)
ඉති කිර
අ. අනුශ්රවණයෙහි, මෙසේ වීලු. මේ ආකාරයෙන් වීලු. (පි. 151)
ඉති ඛො
අ. මෙසේ වනාහි, මේ නිසා. (පි. 151)
ඉති භාව
පු. මෙසේ වීම. (පි. 151)
ඉති වා
අ. මෙසේ හෝ, මෙබඳු වූ හෝ, මෙයින් අන්‍ය වූ හෝ, (පි. 151)
ඉතිපි
අ. (ඉති+අපි) මෙසේ හෙයින් ද. (පි. 151)
ඉතිවාද
පු. මෙසේ මෙසේ යයි කීම, කථාව, ඉතිවාදය. (පි. 151)
ඉතිවුත්තක
න. නවාංග ශාස්තෘ ශෘසනයට ඇතුළත් එනම් අංගය, මෙය මේ සඳහා කියන ලදී. යන 112ක් පමණ සූත්‍රයෝ. (පි. 152)
ඉතිවුත්ති
ඉ. පුරාණ වෘත්ති චරියාව. (පි. 152)
ඉතිස්සු
අ. එහෙයින්. (පි. 152)
ඉතිහ
අ. උපදෙශ පරම්පරාවෙහි, මෙසේ, මේ අයුරින්. (පි. 152)
ඉතිහ ඉතිහ
අ. මෙසේ මෙසේ යයි පරම්පරාවෙන් විශ්වාස කරගෙන එන දේ. (පි. 152)
ඉතිහාස
පු. පුරාවෘත්ත කථා, ප්‍රබන්ධය, රාමායන, මහාභාරත, මහාවංශාදී ඓතිහාසික ග්රන්ථ. “ඉතිහ ආස ඉති“ (පි. 152)
ඉතිහාසපඤ්චම
පු. ඉතිහාසය පස් වැනි කොට ඇති, සතර වේදයන් හා ඉතිහාසය. (පි. 152)
ඉතො
අ. මෙයින්, මේ මරියාදාවෙන්, “ඉතො සත්තමෙ දිවසෙ.” (පි. 152)
ඉතොකිර
අ. මෙයින් වනාහි, “ඉතො කිර තිංස කප්පසහස්සෙ රාජා අහොසිං.” (පි. 152)
ඉතොදානි
අද පටන්, අදින්. (පි. 152)
ඉතොපට්ඨාය
අ. මෙතැන් පටන්, මෙයින්. (පි. 152)
ඉදං
අ. මේ, මෙය. (පි. 154)
ඉදං සච්චාභිනිවෙස
පු. මෙයම සත්‍යයයි කියා මිථ්‍යාවට ඇතුළත් වීම, මෙයම ඇත්ත යයි සිතා බොරුවට ඇතුළ්වීම. (පි. 154)