සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 221
ඉදප්පච්චය
පු. ප්‍රත්‍යය පිළිබඳ. (පි. 154)
ඉදප්පච්චයතා
ඉ. ප්‍රත්‍යය පිලිබඳ බව. (පි. 154)
ඉදමත්ථ
පු. ඉදං ශබ්දයාගේ අර්ථය, අසත්යර්ථයට නමකි. (පි. 154)
ඉදමත්ථික
පු. ඇති දෙයින් සතුටුවන්නා. (පි. 154)
ඉදමත්ථිතා
ඉ. ඇති දෙයින් සතුටුවීම් ස්වභාවය. (පි. 154)
ඉද්ධ
ති. සමෘද්ධ, කටයුතු සිද්ධියට පැමිණි, සාරවත්. (පි. 153)
ඉද්ධානුභාව
පු. ඍද්ධි ආනුභාවය, ඍද්ධි බලය. (පි. 153)
ඉද්ධාභිසංඛාර
පු. ඍද්ධිය රැස්කරන්නා, ඍද්ධි බලයෙන් කැමති දේ කරන්නා. (පි. 153)
ඉද්ධිජ
න. ඍද්ධියෙන් උපන්, එබඳු සිවුරු (පි. 153)
ඉද්ධිපාටිහාරිය
න. ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය, දස වැදෑරුම් ඍද්ධි විධියෙහි පිහිටා ප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීම, ඍද්ධියෙන් දක්වන පෙළහර. (පි. 153)
ඉද්ධිපාද
පු. ඉද්ධිපාදක ධර්මයන්, සතර ඉර්ධි-පාද, ඡන්ද, චිත්ත, විරිය, වීමංසා යන ඉර්ධියට මුල්වන ධර්ම සතර දෙන. (පි. 153)
ඉද්ධිපොණ
න. ඍද්ධියට නැමීම, අවනතවීම. (පි. 153)
ඉද්ධිබල
පු. ඍද්ධි බලය, ඍද්ධියෙන් පවත්වන පුදුම බලය. (පි. 153)
ඉද්ධිභුමි
න. අභිඥා භූමි, ඍද්ධි භූමි, ප්‍රථම ධ්‍යානාදී සතර ඍද්ධි භූමි. (පි. 154)
ඉද්ධිමන්ත
ති. ඍද්ධිමත්, ඍද්ධි ඇති. (පි. 154)
ඉද්ධිමය
න. ඍද්ධියෙන් උපන්, ඍද්ධියෙන් හටගත්. (පි. 153)
ඉද්ධිමා
පු. ඍද්ධි ඇත්තා, ත්‍රිවිද්‍යා, පඤ්චාභිඤ්ඤා, අෂ්ටසමාපත්ති ආදී ආශ්චර්‍ය්‍ය අද්භූත දේ කළහැකි බලයක් ඇත්තා. (පි. 154)
ඉද්ධියාන
න. ඍද්ධි බලයෙන් නිපදවා ගත් වාහනය. (පි. 154)
ඉද්ධිවසීභාව
පු. ඍද්ධි බලයෙන් වසඟයට පත් කිරීම. (පි. 154)
ඉද්ධිවිකුබ්බණ
න. ඍද්ධියෙන් විවිධ රූප කිරීම, ඍද්ධි විකුම්බනය. (පි. 154)
ඉද්ධිවිධ
පු. ඍද්ධි කොට්ඨාස, ඍද්ධි කොටස්. (පි. 154)
ඉද්ධිවිභාග
පු. ඍද්ධින් පිළිබඳ වග විභාගය. (පි. 154)
ඉද්ධිවිසය
පු. ඍද්ධි විශාලත්වය. (පි. 154)
ඉද්ධිවෙසාරජ්ජ
න. ඍද්ධියෙහි විශාරද බව, ඍද්ධි වෛශාරද්‍යය. (පි. 154)