සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 222
ඉදානි
අ. දැන්, වර්තමානයෙහි, පවත්නා කාලයෙහි. (පි. 154)
ඉදානෙව
අ. (ඉදානි+එව) දැන්ම, වර්තමානයෙහිම. (පි. 154)
ඉදි
(√ භු. පර මිස්සරියෙ, උතුම් ඵෙශ්චර්ය්යයෙහි), ඉන්දති, ඉසුරු විඳියි. (පි. 154)
ඉධ
(√ භු. සංසිද්ධියං, සිදුවීමෙහි), එධති, නිපදෙයි.
(√ දි. වුද්ධියං, වැඩීමෙහි), ඉජ්ඣති, සමෘද්ධ වෙයි. (පි. 155)
ඉධලොක
පු. මෙලොව, මේ ලෝකය. (පි. 155)
ඉධස්සු
අ. (ඉධ+අස්සු), වන්නාහුය. (පි. 155)
ඉධි
(√ භු. දිත්තියං, දීප්තියෙහි) ඉන්ධති, දිලිසෙයි. (පි. 155)
ඉධුම
න. දර. (පි. 155)
ඉන්ද
(√ භු. පර මිස්සරියෙ, උතුම් ඵෙශ්චර්ය්යයෙහි), ඉන්දති, ඉසුරු විඳියි.
පු. ඉන්ද්රයා, අධිපතියා, ශක්රයා. (පි. 154)
ඉන්දඛීල
පු. ඉන්ද්රඛීලය, එසිකාස්ථම්හය, එළිපත, නුවර සීමා කණුව. (පි. 154)
ඉන්දගජ්ජනා
ඉ. ඉන්ද්රගජනාව. (පි. 154)
ඉන්දගජ්ජිත
න. ඉන්ද්රයාගේ හෙනය. (පි. 154)
ඉන්දග්ගි
පු. (ඉන්ද+අග්ගි), ඉන්ද්රයාගේ ගින්න, විදුලි කෙටීම, විදුලිය. (පි. 154)
ඉන්දගූ
පු. ඉන්ද්රියෙන් හා කර්මයෙන් ගමන් කරන්නා, සත්වයා, මනුෂ්යයා, “ඉන්ද්රියෙන ගච්ඡතීති ඉන්දගූ, අථවා, ඉන්ද භූතෙන කම්මනා ගච්ඡතීති ඉන්දගූ” (පි. 154)
ඉන්දගොපක
පු. වර්ෂාකාලයෙහි පොළොවෙන් මතුවෙන රතු තුඩු ඇති පණුවා. (පි. 154)
ඉන්දජාල
පු. ඇස්බැන්දුම් ශාස්ත්රය, ඉන්ද්රජාල විද්යාව. (පි. 154)
ඉන්දජාලික
පු. ඉන්ද්රජාලිකයා, ඇස්බැන්දුම්කාරයා, මායාකාරයා. (පි. 154)
ඉන්දත්ත
පු. ශක්රභාවය. (පි. 154)
ඉන්දති
ක්රි. (ඉදි √ භු. පරමිස්සරිය, උතුම් ඵෙශ්චර්ය්යයෙහි +ති), ඉසුරු විඳියි. (පි. 154)
ඉන්දධනු
පු. ශක්රයාගේ දුන්න, දේදුන්න, වර්ෂාදිනයන්හි අහසෙහි වාතයෙන් අල්ලන ලද ශක්රයාගේ දුන්නේ ආකර ඇති බොහෝ වණර් ඇති සුර්ය්යරශ්මීහු දක්නා ලැබෙද්ද ඒ රශ්මීහු ඉන්දධනු නම් වේ. (පි. 154)
ඉන්දන
න. දර. (පි. 154)
ඉන්දනී
ඉ. දර ගෙන යන තැනැත්තී. (පි. 154)
ඉන්දනීල
න. ඉඳුනිල් මැණික, ඉන්ද්රනීල මාණික්යය. (පි. 154)
ඉන්දපත්ත
න. ඉන්ද්රපාත්රය. (පි. 154)