ඉදි

idi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ.
2. වි. අධික; පිරුණු; සමෘද්ධ.
3. වි. සම්පාදිත; සකස් කළ; සෑදූ; තැනූ.
නා.ප්‍ර. ඍද්ධිය ‍; භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. ඇද නැති; ඍජු (පා. සූචි > හිජි > හිදි > ඉදි) 2. පිරුණු; සමෘද්ධ (පා. ඉද්ධ සං. ඍද්ධ) 3. සම්පාදිත (සං. සිද්ධ)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

(√ භු. පර මිස්සරියෙ, උතුම් ඵෙශ්චර්‍ය්‍යයෙහි), ඉන්දති, ඉසුරු විඳියි. (පි. 154)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. spindles