අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 46
ඉදල
නා. පත්ර හැලී ගිය අත්ත/ මිදුල් අතුගෑමට සකස් කර ගත් උපකරණය (සං. විදල)
ඉද්ද
1. නා. ඉදිකටුව; හිසෙහි ගසන කූර/ (සං. සූචිකා පා. සූචි) නූල් ඔතන උපකරණය 2. ප්රදේශය; පැත්ත ක්රි.වි. එක එල්ලේ; කෙළින් (පා. උජු සං. ඍජු)
ඉද්ධි
නා.ප්ර. සිත දියුණු කිරීමෙන් හෙවත් භාවනානුයෝගී වීමෙන් ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය; ඍද්ධිය (පා. ඉද්ධි)
ඉදැල්ල
නා. ඉඩෝරය; නියඟය
ඉදි
1. වි. ඇද නැති; ඍජු (පා. සූචි > හිජි > හිදි > ඉදි) 2. පිරුණු; සමෘද්ධ (පා. ඉද්ධ සං. ඍද්ධ) 3. සම්පාදිත (සං. සිද්ධ)
ඉදි කරනවා
ක්රි. සම්පාදනය කරනවා; සාදනවා
ඉදිකටුව
නා. මැහුම් ගෙතුම් සඳහා උපයෝගී කර ගන්නා, තියුණු තුඩකින් හා අනෙක් කෙළවර සිදුරකින් යුත් ලෝහ කූර/ එන්නත් කිරීම් ආදියට යොදා ගන්නා උපකරණය
ඉදිකඩ
නා. වැටකින් එහා මෙහා යෑම සඳහා වැසීමට හා ඇරීමට හැකිවන සේ හරස් ලී යොදා සකස් කළ කඩුල්ල
ඉදිබුවා
නා. ඉබ්බා
ඉදු
1. වි. ඇද නැති; කෙළින්; ඍජු (පා. උජු සං. ඍජු) 2. අධික; පිරුණු (පා. ඉද්ධ සං. ඍද්ධ) 3. ධනය; සමෘද්ධිය (පා. ඉද්ධි සං. ඍද්ධි)
ඉන්ද්ර දිශාව
නා. ඉඳුරු දෙස; නැගෙනහිර (සං. ඉන්ද්රදිශා)
ඉන්ද්රකීලය
නා. නගරයක වාසල් දොරටුවෙහි සවි කෙරෙන ශක්තිමත් කණුව (සං. ඉන්ද්රකීල පා. ඉන්දඛීල)
ඉන්ද්රගුරුළුව
නා. ගුප්ත ශාස්ත්ර ක්රමයක නාමය
ඉන්ද්රචාපය
නා. දේදුන්න (සං. ඉන්ද්රචාප)
ඉන්ද්රජාලය
නා. ඇස් බැන්දුම; මායා කර්මය (සං. ඉන්ද්රජාල)
ඉන්ද්රනීල
නා.ප්ර. නිල්මැණික් විශේෂයක්; ඉඳුනිල් (සං. ඉන්ද්රනීල)
ඉන්ද්රිය
නා.ප්ර. ඇස, කන ආදී ශරීර අවයව
ඉන්ද්රිය ඥානය
නා. අනුභව ඥානය; ප්රත්යක්ෂ ඥානය (සං. ඉන්ද්රියඥාන)
ඉන්ද්රිය දමනය
නා. ඉඳුරන් හික්මවා ගැනීම
ඉන්ද්රියගෝචර
වි. ඉන්ද්රියයන්ට ගොදුරු වන (සං. ඉන්ද්රියගොචර)
ඉන්ද්රියබද්ධ
වි. ඉඳුරන් හා බැඳුණු (සං. ඉන්ද්රියබද්ධ)
ඉන්දීවර
නා.ප්ර. නිලුපුල්; නිල් මහනෙල් (පා. සං. ඉන්දීවර)
ඉන්දු ආර්ය භාෂා
නා.ප්ර. ඉන්දු ඉරානීය භාෂා උපකුලයට අයත්
ඉන්ධන
නා.ප්ර. ගල් අඟුරු, දර, ඛනිජ තෙල් ආදි තාපය හෝ බලය හෝ උපදවා ගැනීමට දහනය කරන ද්රව්ය (පා. සං. ඉන්ධන)