අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 45

ඉඟිය

නා. ඉඞ්ගිතය (පා. සං. ඉඞ්ගිත)

ඉඟිවැල

නා. පොතක අනුක්‍රමණිකාව; සූචිය

ඉඟුරු

නා.ප්‍ර. ඖෂධයක් ලෙස ද කුළුබඩුවක් ලෙස ද භාවිත කරන අල වර්ගයක් (පා. සිඞ්ගිවෙර සං. ශෘඞ්ගවෙර)

ඉච්චාව

නා. රැවටිල්ල; චාටුව (දෙ. இச்சை)

ඉච්ඡාචාරය

නා. කැමැත්ත; කැමති පරිදි හැසිරීම (පා. ඉච්ඡාචාර)

ඉච්ඡානුගපේශිය

නා. කැමැත්ත පරිදි ක්‍රියා කරන මස් ගොබය

ඉච්ඡාභංගත්වය

නා. බලාපොරොත්තු බිඳ වැටීම

ඉච්ඡාව

නා. ආසාව; කැමැත්ත; අධිෂ්ඨානය (පා. ඉච්ඡා)

ඉච්ඡිත

වි. රුචි කළ; ප්‍රාර්ථනා කළ (පා. ඉච්ඡිත)

ඉටු

වි. ප්‍රියමනාප; ශුභ; හිතවත් (පා. ඉට්ඨ සං. ඉෂ්ට)

ඉඩංගිණි

නා.ප්‍ර. සතුරු සේනාවලට ගල් විදින උපකරණයක් (දෙ. இடங்கணி)

ඉඩැල්ල

නා. ඉදැල්ල

ඉණ

1. නා. පඩිපෙළ; ඉණිමඟ (පා. සෙණි සං. ශ්‍රෙණි දෙ. ஏணி) 2. ඉඟටිය/ වස්ත්‍රයෙහි ඉණ පොට (ප්‍රා. පා. සොණි සං. ශ්‍රොණි) 3. ණය (පා. ඉණ සං. ඍණ)

ඉණ කිලුටු වෙනවා

ක්‍රි. වැඩිවිය පැමිණෙනවා

ඉණ පලිබෝධය

නා. ණය නිසා ඇති වන කරදරය (පා. ඉණපලිබොධ)

ඉණංගු

වි. සුදුසු; යෝග්‍ය/ යටහත්; කීකරු (දෙ. இணங்கு)

ඉණඉහ

නා. ඉණට අඳින රෙද්ද/ යමකු සතු සියලු වස්තුව

ඉණාව

නා. මන්ත්‍ර බෙහෙත් ආදියෙහි බලයෙන් කෙරෙන වශී ක්‍රමයක් (දෙ. இணை)

ඉණි

1. නා.ප්‍ර. ඉඟටිය (පා. සොණි සං. ශ්‍රොණි) 2. පඩිය; සෝපානයන; තරප්පුව

ඉණිකුණා

නා. උකුණු විශේෂයක්

ඉණිමග

නා. ඉහළට නැඟිය හැකි පරිදි හෝ පහළට බැසිය හැකි පරිදි හෝ සැකසූ මෙවලම

ඉත්ථම්භූත

වි. මෙසේ වූ; මේ ආකාරයට සිදු වූ (පා. සං. ඉත්‍ථම්භූත)

ඉත්‍යර්ථය

නා. මෙසේ, මෙපරිද්දෙන් යන අර්ථය (සං. ඉත්‍යර්ථ)

ඉතිහාසඥයා

නා. ඉතිහාසය පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් ඇති පුද්ගලයා (සං. ඉතිහාස+:ඥ)