අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 44

ඇහැළේපොළ

නා. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ග්‍රාම නාමයක්

ඇළ

නා. වතුර බැස යන මාර්ගය; කුඩා දිය පාර (පා. ආලි, ආළි සං. ආලි)

ඇළදොළ

නා.ප්‍ර. ලොකු, කුඩා දිය පහර

ඇළි

වි. සුදු; ධවල

ඇළි ඇතා

නා. සුදු ඇතා

ඈනවිල්ල

නා. ඈනුම

ඈඳනවා

ක්‍රි. එකිනෙකට සම්බන්ධ කරනවා

ඈඳුත්ත

නා. යුගලය; ජෝඩුව; බාන

ඈලිමෑළි

වි. කම්මැළි; අලස

ඈලියාව

නා. විනාශ වී යෑම

ඈවරකරු

නා. ගනුදෙනු බේරා අවසන් කරන තැනැත්තා

ඉංග්‍රීසි

නා.ප්‍ර. එංගලන්තයේ වැසියන් හා ඔවුන්ගේ භාෂාව හඳුන්වන නාමය (පුර්. ingrez)

ඉක්මන

නා. ශීඝ්‍රතාව; කඩිනම

ඉක්ෂු

නා.ප්‍ර. උක්ගස (සං. ඉක්‍ෂු)

ඉකිණිය

1. නා. උකුණා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය (සං. උත්කුණ > උකුණා > (ස්ත්‍රී) ඉකිණිය) 2. දිග මැනීමට භාවිත කරන මිම්මක්

ඉකිබිඳිනවා

ක්‍රි. හැඬීමේ දී ‘ඉකි’ යන හඬ නඟනවා

ඉකිමැලි

වි. මැලවුණු; වියළුණු

ඉකිලි

1. නා.ප්‍ර. නීරමුල්ලිය 2. කළය; සැළිය (පා. උක්ඛලි, උක්ඛලිකා)

ඉකිළිය

නා. කළවා සන්ධිය; උකුළ

ඉගිළෙනවා

ක්‍රි. මුලින් ඉදිරෙනවා/ පියාසර කරනවා/ අනාරක්ෂිත ලෙස වේගයෙන් යනවා

ඉගෙනීම

නා. හැදෑරීම; උගෙනීම

ඉඞ්ගිතය

නා. අදහස; අභිලාෂය/ අභිනයෙන් අදහස් පළ කිරීම (පා. සං. ඉඞ්ගිත)

ඉඟිනළුව

නා. මුද්‍රා නාටකය (පා. සං. ඉඞ්ගිත+නාටක)

ඉඟිබිඟි

නා.ප්‍ර. ඉඟි මගින් අදහස් ප්‍රකාශ කිරීම