අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 43
ඇඳිලි
නා.ප්ර. ඇඟිලි/ ඇඟිලි එක් කොටගත් දෝත (පා. සං. අඤ්ජලි)
ඇඳුම් පැලඳුම්
නා.ප්ර. අඳින පලඳින දේ
ඇමැතිනිය
නා. අමාත්යවරිය
ඇමුණුම
නා. සම්බන්ධ කිරීම/ ලේඛනයකට එකතු කළ අතිරේක කොටස
ඇඹණිය
නා. අඹුව; භාර්යාව
ඇඹලයා
නා. ගුරුපාට කුහුඹු විශේෂයක්/ යමක් කෙරෙහි දැඩි සේ ඇලුණු තැනැත්තා
ඇඹුල
නා. අම්ල රසය/ කුඹුරේ දී අනුභව කරන ආහාරය/ ඇඹුල් රසය ප්රධාන කොට ගත් ව්යංජන විශේෂය
ඇඹුල් කැඳ
නා. බතින් පෙරූ කැඳ (පා. අම්බිල කඤ්ජික)
ඇරඹුම
නා. ආරම්භය
ඇල
වි. ඇද; කෙළින් නැති/ පැත්ත
ඇලපත
නා. ශරීර පාර්ශ්වය
ඇලපිල්ල
නා. ‘ආ’ ස්වරය දැක්වීමට ව්යඤ්ජනාශ්රිත ව යොදන ලකුණ
ඇලළෙනවා
ක්රි. කැලඹෙනවා/ කම්පා කරනවා
ඇල්මැරුණු
වි. සීතල ගතිය නැති වූ
ඇලි
නා.ප්ර. ඇල්ල; ජලධාරාව/ අගල
ඇලුණු
වි.ඇලෙනවා යන්නෙහි අතීත කෘදන්තය
ඇලුම් කරනවා
ක්රි. ආශා කරනවා; කැමති වෙනවා
ඇලුමීනියම්
නා.ප්ර. සැහැල්ලු ලෝහ වර්ගයක් (ඉං. aluminium)
ඇලෙනවා
ක්රි. එකිනෙකට බැඳෙනවා (පා. අල්ලීයති)
ඇවිටිල්ල
නා. නැවත නැවත ආයාචනා කිරීම
ඇවිළිල්ල
නා. දැල්වීම; ඇවිළීම/පිට, තුනටිය ආදී තන්හි ඇති වන තියුණු වාත වේදනාව
ඇවිළුම් බිළිය
නා. විශාල මසුන් අල්ලන බිළී කොක්ක
ඇවිළෙනවා
ක්රි. ගිනි ගන්නවා; දැල්වෙනවා/ ඇමිණෙනවා
ඇසළ
නා.ප්ර. එනම් චන්ද්ර මාසය/ඇසළ මාසයේ මල් හටගන්නා ගසක නාමය (පා. ආසාළ්හ සං. ආෂාඪ)