ඉද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් කොනක් උල් වූ ද අනික් කොනේ නූලක් දැමීමට සිදුරක් ඇති වූ ද ලෝහයෙන් කළ සිහින් කූර.
2. නා. කොණ්ඩය හෝ ඔටුන්න සවිවීම සඳහා හිසේ ගසන කූර.
3. නා. නූල් ඔතන උපකරණය.
4. නා. අඟුළු පෙත්ත මැද විද දමන කූර; දොර අගුල.
5. (කථා.) නා. ඉදි කඩුල්ල.
6. නා. සුදු සහ කහ පැහැති මල් හටගන්නා ශාකයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. ඉදිකටුව; හිසෙහි ගසන කූර/ (සං. සූචිකා පා. සූචි) නූල් ඔතන උපකරණය 2. ප්‍රදේශය; පැත්ත ක්‍රි.වි. එක එල්ලේ; කෙළින් (පා. උජු සං. ඍජු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bobbin
2. cross-bar
3. Civ. mandrel
4. Civ. mandril
5. n. spindle