සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 264
ඉතිරි ලිඟු
නා.ප්‍ර. (ව්‍යාක.) ස්ත්‍රී ලිංගය.
ඉතිරි සොඬ
වි. ගැහැනුන් කෙරෙහි ඇලුණු; ස්ත්‍රීලෝල.
ඉතිරිය
1. නා. ශේෂ වූව; ශේෂය; වැඩිපුර දෙය.
2. නා. ස්ත්‍රිය; ගැහැනිය; ගැහැනු සතා.
ඉතිහකථා
නා.බහු. ජනකථා; පුරාවෘත්ත.
ඉතිහාසඥයා
නා. ඉතිහාසය පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් ඇති පුද්ගලයා.
ඉතිහාසය
නා. වීර කථාව; පුරාවෘත්තය; අතීත සිද්ධි වාර්තාව.
ඉතු
1. නා.ප්‍ර. ශීතෝෂ්ණ වර්ෂාදි ගුණවල වෙනස්කම් අනු ව වර්ෂයක් බෙදනු ලබන කාලපරිච්ඡේද; ඍතු.
2. නා.ප්‍ර. ඔසප් ලේ.
ඉතුමඟ
නා. ඍතු මාර්ගය; යෝනිය.
ඉතුරු
වි. ශේෂ වූ.
ඉතුලේ
නා.ප්‍ර. ඍතු ලෙය; මල්වර ලෙය; ඔසප් ලේ.
ඉද
1. නා. ළය; හෘදය; චිත්තය.
2. නා. නූල් ඔතන ලද පන්ද.
3. නා. ඉදි කටුවක් වැනි උපකරණය.
ඉදංකාලය
නා. මේ කාලය; ප්‍රත්‍යුත්පන්න කාලය; වර්තමානය.
ඉදරම්
නා.ප්‍ර. රසදිය.
ඉදල
1. නා. කොළ හැළුණු අත්ත හෝ රිකිල්ල; පත්‍ර විරහිත ශාඛාව; ඉපල.
2. (කථා.) නා. මිදුල, වත්ත ආදිය අතුගෑමට යොදා ගන්නා උපකරණය.
ඉදල් අත්ත
(කථා.) නා. ඉරටුවලින් හෝ ඉපල්වලින් අතු ගෑම පිණිස සාදාගත් උපකරණයක්; ඉදල් මිටිය.
ඉදල් ඉරිඟු
නා.ප්‍ර. කරල් ඉරිඟු; සෝගම්.
ඉදවත්
නා.ප්‍ර. හදවත; හෘදය; හෘදය වස්තුව.
ඉද්ද
1. නා. එක් කොනක් උල් වූ ද අනික් කොනේ නූලක් දැමීමට සිදුරක් ඇති වූ ද ලෝහයෙන් කළ සිහින් කූර.
2. නා. කොණ්ඩය හෝ ඔටුන්න සවිවීම සඳහා හිසේ ගසන කූර.
3. නා. නූල් ඔතන උපකරණය.
4. නා. අඟුළු පෙත්ත මැද විද දමන කූර; දොර අගුල.
5. (කථා.) නා. ඉදි කඩුල්ල.
6. නා. සුදු සහ කහ පැහැති මල් හටගන්නා ශාකයක්.
ඉද්දඊල
නා. අගුළු පෙත්ත මැද විද දමන කූර සහ අගුල; ඉද්ද හා අගුල; ඉදි අගුල.
ඉද්දර
1. නා. නිදන විට හිස තබන තැනට ඉහළ පෙදෙස හෝ පැත්ත; ඉහ ඉද්දර.
2. නා. (පැදුරු, ඇඳන් ආදියෙහි) හිස තබනු ලබන පාර්ශ්වය; ඉහ ඉස්මත්ත.
ඉද්දෙනවා
ක්‍රි. වේදනා වන ලෙස ගැටෙනවා; පෑරෙනවා.
ඉද්ධි
නා.ප්‍ර. ඍද්ධිය; සිත දියුණු කිරීමෙන් ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය.
ඉද්ධිජය
නා. සෘද්ධියෙන් උපන් සිවුර.
ඉද්ධිපාටිහාරිය
නා.ප්‍ර. ඍද්ධි බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් ක්‍රියා සංඛ්‍යාත ප්රාතිහාර්යය.