සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 263
ඉතරයා
නා. අනිකා; අන්‍යයා.
ඉතරීතර
1. වි. කවර හෝ; යම්කිසි.
2. වි. අන්‍යෝන්‍ය.
ඉතරීතර යෝගය
නා. ද්වන්ද වූ සමාස පදයක අවයවයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය.
ඉත්
1. නා.ප්‍ර. (ඉත්තෑ) කූර.
2. නා.ප්‍ර. ස්ත්‍රිය; කත.
ඉත්ත
1. නා. කුඩා අත්ත; රිකිල්ල.
2. නා. පොකුර; වල්ල.
ඉත්තර
1. වි. ක්ෂණික; ඉතා ස්වල්ප.
2. වි. ළාමක; නීච ; පහත්.
ඉත්තා
1. නා. දාම් ක්‍රීඩාවල දී ගනු ලබන ඇට, ලී, ගල්, කවඩි ආදී කැටය.
2. (කථා.) නා. නූල් ඔතනු ලබන උපකරණය; ඉද්ද.
3. නා. අරමුණු ඉටුකර ගන්නා පිණිස යොදා ගන්නා පුද්ගලයා හෝ දෙය.
ඉත්තෑයා
නා. රළු ලොම්වලින් නොහොත් කූරුවලින් වැසුණු කෙටි පාද ඇති ක්ෂීරපායි වර්ගයට අයත් නිශාචර සිවුපාවා.
ඉත්ථම්භූත
වි. මෙසේ වූ; මෙවැනි; මේ ප්‍රාකාරයෙන් සිද්ධ වූ; ඉතිබූ.
ඉත්ථම්භූතාර්ථය
[ඉත්ථම්භූත + අර්ථය]
නා. (ව්‍යාක.) (මෙසේ වූව යන අර්ථය යනු වාච්‍යාර්ථයි) යම්කිසි ප්රකාරයකට පැමිණීම හඟවන අර්ථය; කර්ම විභක්තිය හෝ කරණ විභක්තිය මේ අර්ථයෙහි යෙදේ.
ඉත්ථි
නා.ප්‍ර. ස්ත්‍රිය; කත.
ඉත්වර
1. වි. ක්ෂණික; ඉතා ස්වල්ප.
2. වි. අධම; පහත්.
ඉතා
නි. බොහෝ; බෙහෙවින්; අතිශයින්; අත්‍යන්තයෙන්.
ඉතා සුළු ගුණාකාරය
(පාරිභා.) නා. සංඛ්‍යා කීපයක් ඉතිරි නැති ව බෙදාලිය හැකි කුඩාතම සංඛ්‍යාව (= lowest common multiple).
ඉතැල්ල
නා.ප්‍ර. බර මැනීමේ මිනුමක්; අඩපලම නොහොත් කළං හය.
ඉති
නි. මෙසේ; මේ පරිද්දෙන්; මෙලෙසින්.
වි. යුක්ති සහගත; සුදුසු.
ඉති අත
නා. ස්ත්‍රී ලිංගික අර්ථය.
ඉතිකර්තව්යය
නා. අවශ්‍යයෙන් ම කළ යුතු කාර්යය; කටයුත්ත.
ඉතිකින්
1. නි. මේ අවස්ථාවෙහි; මීට පසු; මෙතැන් සිට.
2. නි. මෙපමණකින්; මේ පරිද්දෙන්; මෙලෙසින්.
ඉතිගැට
1. නා. කිතුල් මලේ ඉති හෙවත් රෑන් මැද නටුවට සම්බන්ධ වන තැන ඇති ගැට.
2. නා. කුරක්කන් කරල්.
ඉතිබු අරුත
නා. (ව්‍යාක.) ඉත්ථම්භූතාර්ථය.
ඉතිරි
1. වි. පමණට වැඩියෙන් ඇති; අධික.
2. වි. වඩා උසස්; උත්තරීතර; ශ්‍රේෂ්ඨ.
3. වි. වැඩිමනත්; වැඩිපුර; අතිරේක.
ඉතිරි කරනවා
ක්‍රි. ශේෂ කොට තබනවා; තිබෙන්ට හරිනවා; අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකොට ආරක්ෂා කරනවා.
ඉතිරි කිරීමේ ගිණුම
නා. බැංකුවක මුදල් ඉතිරි කිරීමේ තැන්පත්කරුගේ නමින් පවත්වා ගෙන යනු ලබන සටහන; එසේ වූ ගනුදෙනු කාර්යය.